අර්බුදය ජය ගැනීම සඳහා සහාය වීම සඳහා සන් සියම් සමූහය ඇමරිකානු ඩොලර් 200,000 ක මුදලක්!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 01, කොළඹ LNW

වත්මන් අර්බුදය ජය ගැනීම සඳහා සහාය වීම සඳහා, සන් සියම් සමූහය ඇමරිකානු ඩොලර් 200,000 ක මුදලක් පොරොන්දු වී තිබෙන අතර , සන් සියම් සමූහයේ නිර්මාතෘ අහමඩ් සියාම් මොහොමඩ් විසින් ශ්‍රී ලංකා මහ කොමසාරිස් මොහොමඩ් රිස්වි හසන් වෙත සංකේතාත්මක චෙක්පතක් භාර දුන් අතර, පොරොන්දු වූ මුදලින් ඇමරිකානු ඩොලර් 75,000 ක් පරිත්‍යාග කළ බව සඳහන් වේ.

තවද, ඉදිරි දිනවලදී තවදුරටත් දායකත්වයන් ලබා දෙන බව ඔහු තහවුරු කර තිබෙන බව වාර්තා වේ.

ලංකා බැංකුවේ මාලදිවයිනේ ශාඛා කළමනාකාරිනී මංජුල හේරත්, සන් සියම් සමූහයේ නිර්මාතෘ අහමඩ් සියාම් මොහොමඩ් සහ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මොහොමඩ් රිස්වි හසන් සමඟ සන් සියම් සමූහයේ නියෝජිතයින් මෙම අවශ්ථාවට එක්ව තිබෙන අතර, රැස්වීම අතරතුර, සියාම් සහ මහ කොමසාරිස් රිස්වි දෙරට අතර ශක්තිමත් මිත්‍රත්වය ගැන මෙනෙහි කල අතර ගුරුවරුන්, ආර්ථික ක්‍රියාකාරකම් හෝ වෙනත් සේවාවන් හරහා ශ්‍රී ලාංකිකයන් දිගු කලක් මාලදිවයින් වැසියන්ට සහාය දී ඇති බව සියාම් සඳහන් කළ අතර, ශ්‍රී ලංකාව මාලදිවයිනේ සමීපතම අසල්වැසියෙකු ලෙස විස්තර කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ව්‍යසනය දෙස කම්පාවෙන් බලා නොසිට වෙහෙස වී වැඩ කර යළි නැගිටිමු – ජනපති අනුරාධපුරයේදී කියයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW : ආපදා තත්ත්වය හේතුවෙන්...

Crete දූපතට දකුණින් බෝට්ටුවක් පෙරළීමෙන් 17 දෙනෙකුට ජීවිත අහිමි වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW : ඊයේ (06) දින...

අද(07) පස්වරුවේ ප්‍රබල අකුණු සමග ගිගුරුම් සහිත වැසි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW : ප්‍රබල අකුණු පිළිබඳ...