*
Tuesday, October 22, 2024
spot_img

Latest Posts

අලුත් සබැදීමට කඩුලු සබැදීම් මුසු කළ චරිත්,ක්‍රිකට් චරිතයේ ඉහළම සතුට විඳියි

චරිත් අසංලංක විවාහ ගිවිස ගෙන දින කිහිපයකි.ගිවිස ගැනීමේ පත්‍රයේ උණුසුමත් සමඟ චරිත්ට ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වගකීම දෙ’උවුර මත රඳවා ගන්න වූයේ ඇෆ්ගනිස්තානය ඉදිරියේ එක්දින තරගාවලියක් පරාජය වීමේ අවධානයට ශ්‍රී ලංකාව මුහුණ දී සිටියදී ය.තරගයේ පළමුවෙන් ලකුණු රැස් කළ ඇෆ්ගනිස්තානය සිය පන්දු ඕවර් 50 නිමා කළේ ලකුණු 313 ක් රැස් කරමින්ය.ඒ සඳහා ඔවුන්ට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට කඩුලු 8 ක් පුද කරන්නට සිදු විය.

මේ ලකුණු හඹා යාම සඳහා පිවිසි ශ්‍රී ලංකා ඉණිමට මනරම් ආරම්භයක් එකතු කළ කුසල් මෙණ්ඩිස් (67) සහ පැතුම් නිශ්ශංක (35) ලකුණු 101 ක සබඳතාවයක් පළමු කඩුල්ලට එකතු කළේ පන්දු ඕවර් 18 ක් ගෙවෙද්දීය.නමුත් ලකුණු 116 වන විට ශ්‍රී ලංකා ඉණිමේ ලකුණු පූවරුවේ දිස් වුණේ කඩුලු 3 ක් දැවී ගොස් ඇති බවය.එතැනදී පිටියට පිවිසි ජීවිතයට නව බැදීමක් සනිටුහන් කරමින් විවාහ ගිවිසගත් තරුණයා සිව්වන කඩුල්ලට දිනේස් චන්දිමාල් (33) සමඟ සිව්වන කඩුල්ලට ලකුණු 48 ක් එකතු කිරීමට සමත් විය.ඉනික්බිති පස්වන කඩුල්ලට නායක දසුන් ශානක (43) සමඟ ගොඩ නැඟූ සබඳතාවය 79 කි.

ඉනික්බිති පිටියට පිවිසි වනිඳු හසරංගගේ කම් ඕර් ගෝ ප්‍රහාරය මේ තරගයට නොපෑහුණ අතර හයවන කඩුල්ලට එකතු වුණේ ලකුණු හයක් පමණි.ඉන් වනිඳුට හිමි වුයේ ලකුණු දෙකකි.ඉනික්බිතිව ගැටවර දිනිත් වෙල්ලාලගේ මෝරපු ක්‍රිකට් අවබෝධය සමඟ චරිත් සමඟ ගොඩ නැඟූ නොබිඳි ලකුණු 65 ක සබඳතාවය ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා ගෙන යද්දී පන්දු ඕවර් 50 නිමා වන්නට තවත් පන්දු දෙකක් ඉතිරිව තිබිණි.පන්දු 72 දී නොදැවී ලකුණු 83 ක් එකතු කරපු චරිත් අසලංක පන්දු නවයක්ම සීමාවෙන් පිටතට යවන්නට සැළස්වූයේ හතරක් බිම නොවැදී උඩින්ම සහ පහක් බිම වැදීය.වෙල්ලාගේ හතරේ පහර 4ක් සහ එක් හයේ පහරක් සමඟින් දැක් වූ දායකත්වය නොදැවී ලකුණු 31 ක් විය.

පරාජිත තරගය සම්බන්ධයෙන් අදහස් දක්වද්දී සහය පුහුණුකරු නවීඩ් නවාස් දැක් වූ අදහස්වලින් කියවුණේ කණ්ඩායමට හොඳ සබඳතා පවත්වා ගැනීමට අපොහොසත් වූ බවය.සැබවින්ම එම තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු පනහක හො සබඳතාවයක් නොවුණත් මේ තරගයේදී එක් ශථක සබඳතාවයක්,ලකුණු 79 සහ 65ක නොබිඳ සබදතාවයක් මෙන්ම ලකුණු 48 ක සබඳතාවයක්ද එකතු වී තිබිණ.එහෙත් මේ සාර්ථකවීම් සියල්ල අතරේ ඇෆ්ගනිස්තානයේ රෂීඩ් ඛාන්ගේ දඟ පන්දුව සතු විශිෂ්ඨත්වයේ අනන්‍යතාවය රැක ගන්නට ඔහුට හැකි විය.ඔහු ලකුණු 300 ඉක්මවා ලබා ගත්,ශ්‍රී ලංකාවේ හඹා යාමේ සාර්ථකත්වය හමුවේ වුව සිය පන්දු ඕවර් 10 ලකුණු 37 ට කඩුලු 4 ක් දවා ගනිමින් නිමා කරන්නට සමත් විය.

චරිත් අසලංක සිය නීතිමය සහකාරියට රටක් දින වූ වීරයාගේ කුසලානය රැඟෙන යද්දී ඊට ශක්තිමත් සහ ස්ථාවර ආරම්භයක් ලබා දුන් පැතුම් නිශ්ශංක සිය ජීවිතයට නිල වශයෙන් එකතු වූ ජීවන සහකාරියට එම ජයග්‍රහණයේ ප්‍රධාන හවුල්කරුවෙක් වූ ආස්වාදය රැඟෙන ගියේය.කලක් එක්දන තරග සම්බන්ධයෙන් එතරම් විශ්වාසයෙන් නොසළකා හරින ලද කසුන් රාජිත ගෙවුණු විස්සයි විස්ස තරගාවලියේ ලද අවස්ථාවන්වලදී මෙන්ම මේ තරගාවලියේදී ද දස්කම් අතරට පැමිණියේය.මංගල මධුසමය අතරතුර මේ තරගයට එක් වූ කසුන් ද ඒ මංගල ආස්වාදයේ ප්‍රබෝධය ශ්‍රී ලංකා ජයග්‍රහණයට උපරිමය ලබා දෙමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩිම කඩුලුලාභියා වෙමින් ලකුණු 60 කඩුලු 3 ක් දවා ගත්තේය.

ඇෆ්ගනිස්තාන ඉණිමේ නැංගුරම වූ ඉබ්‍රාහීම් ෂඩ්රාන් ශ්‍රී ලංකාවට පමණක් නොව සමස්ත ක්‍රිකට් ලෝකයටම ඉදිරියේ මුහුණ දෙන්නට වන අභියෝගයක් බව මේ තරගාවලියේදි සනාත කළේය.තවමත් විසි හැවිරිදි ඔහු සිය එක්දින ජීවිතයේ හොදම ඉණිම ශ්‍රී ලංකාවට එරෙහිව දියත් කරමින් ලකුණු 162 ක් ලැබීය.එසේම ඔහු මේ තරග තුනකින් යුත් තරගාවලියේ ශ්‍රී ලංකාවට එරෙහිව ලැබූ දෙවන ශතකය විය.සංචාරය නිමා වන විට ෂඩ්රාන් නිමා කර තිබුණේ එක්දින තරග අටක් පමණි.ඉන් තුනක්ම නිමා කර ඇත්තේ ශතක ලෙස ය.මේ සුවිශේෂත්වයට ෂඩ්රාන් අවිවාදයකින් තොරව තරගාවලියේ විරයාගේ ස්ථානයට නිර්දේශ වි තිබිණ.

නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන්ගෙන් මෙන්ම කණ්ඩායම් කාර්ය මණ්ඩලයෙන් ද ජයග්‍රහණය කෙතරම් පීඩනයක් වි තිබුණි ද යන්න හොඳින් විද්‍යාමාන විය.අසලංක ජයග්‍රහණය සමරද්දී සිය දෙතොළට ඇඟිල්ල තබා “කට වහපන්” යනුවෙන් සංඥා කළේ තමන්ට පෞද්ගලිකව පමණක් නොව කණ්ඩායමට පොදුවේ ද එල්ල වී ඇති පීඩනයේ තරමය.හැබැයි සියලු විවේචන මැද ශ්‍රී ලංකාව සමාජිය,දේශපාලනික සහ ආර්ථික වශයෙන් පෙළන පීඩනය හමුවේ ක්‍රිකට් ක්‍රීඩාවට පිට්ටනි පිරවිය හැකි ප්‍රේක්ෂකාගාරයක් ඇත.එසේම රූපවාහිනි ගුවන් කාල වැය කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් කළහොත් තරගය පැවත්වෙන කාලවල විදුලිය භාවිතය ගැන දත්ත ද මිනිසුන් තරග නරඹන බවට සාක්ෂි සපයනු ඇත.ඒ නිසා ක්‍රිකට් සම්බන්ධයෙන් කරන කතා වසා දමා එය ක්‍රීඩකයන්ට පමණක් හිමි අයිතියක් සේ නොසිතිය යුතු බව ක්‍රීඩකයින් සිතට ගත යුතුව ඇත.කෙසේ හෝ ඒ සියලු ආංගික අභිනයන් හරහා ප්‍රකාශ වන්නේ කණ්ඩායම වටා ගොඬ නැඟි තිබෙන පීඩනය ය.ක්‍රිකට් දේශපාලනයේ හැඩය ය.යම් කිසි පිරිසකට පමණක් බල පැවත්වෙන පරිදි සිඳු වෙන සළකා බැලීම් අතරේ සිඳුවීම් රැසක් වාර්තා වූ ලෝක කුසලාන සංචාරයේ කණ්ඩායම් කළමණාකරණය ඉතා නිරුපද්‍රිතව සිටියදි ක්‍රීඩකයන්ට අසාධාරණ හේතු පෙන්නා දිම් හමුවේ කණ්ඩායමෙන් ඉවතට වීසි වන්නට සිඳුවන හැටිත් ප්‍රෙක්ෂකයන්ට නරඹන්නට වි ඇති බව ක්‍රීඩකයින් තේරුම් ගත යුතුව ඇත.ක්‍රීඩාව වානිජමය ස්ථාවරයක් සහිත එකක් බැවින් එයට ආකර්ශණය වන පිරිස ක්‍රීඩකයාගේ භෞතික වටිනාකම තීරණය කරන සාධකයක් බව ක්‍රීඩකයින් සිය මුද්‍රා ප්‍රදර්ශනයේදී සිහියේ තබා ගැනීම වැදගත්ය.
ක්‍රිකට් හරහා උපයාගත් කීර්තිය මේ වන විට අන්තර්ජාතික වශයෙන් භාවිතයට ගනිමින් සිටින පිරිස් ක්‍රිකට්වල තිබෙන යම් අතාර්කික සහ අනම්‍ය තීරණ රටේ ක්‍රිකට් හී හැඩයට කරන අසාධාරන බලපෑම් පෙරට රැඟෙන යන්නට උත්සාහ කරමින් ඇත. එය රටේ ක්‍රීඩාවන්ට අදාළ නීතිමය සංස්කෘතියට මෙන්ම සමහර විට රටේ ක්‍රීඩා සමාජ විසින් පත් කරන ක්‍රිකට් පරිපාලනයට ද උඩින් ක්‍රියාත්මක විය හැකි තත්ත්වයන්ය.රටේ ඉහළම දේශපාලනයට සම්බන්ධ වූ විට කළ හැකි හානි පසුගිය සමයේ ක්‍රිකට්වල ද දකින්නට ලැබුණු අතර ඒ නෑ සබඳකම් ස්විය පෞද්ගලික අභිලාෂයන්වල හැඩයට ක්‍රිකට් සකස් කිරීමට අවශ්‍යය දේශපාලන සහ ක්‍රිකට් පරිපාලන සබඳතාවයන් තහවුරු කර දැමුවේය.එහි පියවරක් හැටියට අද වන විට ක්‍රිකට් සම්බන්ධයෙන් වන ජාතික වගකීම ප්‍රශ්න කරන විට අයිසීසීයේ පුටුව රත් කිරීමට තරම් තත්ත්වයකට ඇතැම් හූ ක්‍රීඩාව පරිපාලනය කිරිම ශම්මි සිල්වලාට ද ඉහළින් සිට සිඳු කරන බව නැටුම දකින විට බෙරේ පද කියවා ගන්න හැකි අයට අමුත්තක් නොවන්නේය.

ඒ නිසා කවුරු හරි ලකුණු 300 ක් හඹා යාම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් හි සෞඛ්‍ය සම්බන්ධයෙන් පූර්ණ විශ්වාසය පළ කරන්නට හේතුවක් කර ගන්නට ඉක්මන් විය යුතුව නැත.තව බොහෝ යාග හෝම එළිවෙන ජාමෙට එළියට එනු ඇත.ක්‍රීඩාව අයිසීසීය හරහා ලංකාවේ දේශපාලනයෙන් ගලවා ගැනීමට කේලම් උස්සාගෙන යන,ක්‍රිකට් නිසාම ඉන්ටර්නැෂනල් වුණ තරු පසුගිය කාලයේ දේශපාලකයන්ගේ සෙවණේ සමස්ත ක්‍රීඩාව අනා දමා,සමස්ත ඇන ගැනීමේ ප්‍රතිපල හැටියට ලක්ෂ ගණන් පාරට එද්දි, කළ කි දෑ මතකය.ඒ අයට නැවත සිහිපත් කරන්නට ඇත්තේ ද මහා බලය ඇත්තේ ජනතාවගේ බවය.ගිනි පෙට්ටියටත් බඳු ගෙවන මිනිස්සුන්ගේ ක්‍රීඩාව සියලු දෙවි දේවතාවුන්ගෙන් මුදවා ගැනීමට ජනතාවට ඇති ශක්තිය ඇත්තක්ය.ක්‍රීඩාවේ දේශපාලන පරිපාලනය ද ඉතා ඉවසිල්ලෙන් මේ දෙස බැලිය යුතුව ඇත.දෙවියන් වෙනුවට කුම්භාණ්ඩයන් කැඳවිමට ඇති ඉඩ ද පැහැදිළි බැවින් මීට වඩා නමනීය සාක්ච්ඡා මේසයක් ශ්‍රී ලංකා ක්‍රිකට් සහ ක්‍රීඩා අමාත්‍යවරයා අතර සිඳුවිය යුතුය.ඇෆ්ගනිස්තාන සංචාරය සම කර ගැනීමට උද්දාම වීමට වඩා වැදගත් එය බව සම වූ තරගාවලියේ ප්‍රතිපලය හරහා අප කියවාගත් යථාර්තය වන්නෙමු.

අප ක්‍රීඩා අමාත්‍යවරයාට සහ ක්‍රිකට් පරිපලනයට ඉහත යෝජනාව කරන්නේ ක්‍රිකට්වලට අවශ්‍යය ක්‍රිකට්මය විසඳුමක් නිසාය.ක්‍රිකට් නරකම නැත.නරකමනම් තරගය අවසන් කරන්නට ශ්‍රී ලංකාවේ යොවුන් නායකයන් දෙදෙනෙක් පිටිය මැද අභියෝගයට මුහුණ දෙන අපූරු විලාශය අපට පෙනෙන්නේ නැත.ශ්‍රී ලංකා යොවුන් නායකයන් තිදෙනෙක්ම මේ දැවන්ත ලකුණු පූවරුව හඹායාම පසුපස සිටි බව අමතක කරන්නට නොහැකිය.ඒ කුසල් මෙණ්ඩිස්,චරිත් අසලංක සහ දුනිත් වෙල්ලාලගේ ය.තරගාවලිය සමබන්ධයෙන් තේරිම අර්බූදයට ලක් වුණෙත් යොවුන් නායකයෙක් නොසළකා හැරීම ගැනය.ඒ චාමිකය.හරි විදිහට හරි මිනිස්සු පහළින් සකස් කර දුන්නද,ඒවා හරි විදිහට භාවිතයට ගන්නේද යන ගැටළුව ද ජයග්‍රහණයකින් නොවැසෙන ප්‍රශ්නයක්ය.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan