අද සිට ගෑස් සිලින්ඩර ලක්ෂය බැගින් වෙළඳපොලට

Date:

අද (01) දිනයේ සිට දෛනිකව ගෘහස්ථ ගෑස් සිලින්ඩර ලක්ෂය බැගින් වෙළඳපොලට නිකුත් කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

ඇනවුම් කර තිබුණු ගෑස් නෞකාවක් දිවයිනට පැමිණීමට ප්‍රමාද වීම හේතුවෙන් පසුගිය දින කිහිපයෙහි වෙළඳපොලට ගෑස් නිකුත් කිරීම සීමාකර තිබුණු නමුත් මේ වනවිට එම ගෑස් තොග ලැබෙමින් පවතින බවයි එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ.

“අපි අද උදෑසන කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩර ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් වෙළෙඳපොළට නිකුත් කරනවා. ඒ වගේම අනෙක් සිලින්ඩරුත් වෙළෙඳපොළට අද නිකුත් කරනවා. මේ වනවිට ආපු නෞකාවේ ගෑස් තොග ගොඩබෑම් කටයුතු සිදුවෙමින් පවතිනවා. 117,000ක පමණ සිලින්ඩර ප්‍රමාණයක් අද දිනයේ නිකුත් වෙනවා. ඉදිරියටත් එහෙම සිදු කෙරනවා”

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (21) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 21) දිනයේදී නැගෙනහිර, ඌව...

Rebuilding Sri Lanka:අඟුණකොළපැලැස්ස බන්ධනාගාර නිලධාරීන්ගෙන් සහ රැඳවියන්ගෙන් පරිත්‍යාගයක්!

කොළඹ LNW: අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට...

ගුවන සෙලවෙයි

    නිශ්මං රණසිංහ දෙසැම්බර් 20, කොළඹ LNW: මැලිබන් කුසලාන ජාතික රග්බි...

ධන කුවේරයන්ගෙන් හිනි පෙත්තටම යන රටවල්!

සටහන – පුලී දෙසැම්බර් 20, කොළඹ (LNW):  බිලියනපතියන්ගේ ධනයෙහි ගෝලීය...