*
Thursday, March 28, 2024
spot_img

Latest Posts

ඩෙන්මාර්ක් වීසි කර ඔසී සුපිරි වටයට

මෙවර ලෝක කුසලාන තරගාවලියේ ඩී කාණ්ඩයෙන් තරග වැදි කණ්ඩායම් හතර අතර සිටි කණ්ඩායම් අතරින්,පහළම ශ්‍රේණිගත කිරීමට හිමිකම් කී (38) ඕස්ට්‍රේලියාව එම කාණ්ඩයේ ප්‍රංශයට පසුව සිටි හොඳම කණ්ඩායම වූ ශ්‍රේණිගත කිරීම්වල 10 වන තැන සිටින ඩෙන්මාර්කය පරාජය කරමින් සුපිරි වටයට සුදුසුකම් ලබා ගත්තේය.එම කාණ්ඩයේ සිටින ලෝක ශ්‍රේණිගත කිරීම්වල 30 වන තැන සිටින ටියුනීසියාව ද වත්මන් ලෝක කුසලානයේ හිමිකරුවන් වන ප්‍රංශය පරාජය කරමින් ඩෙන්මාර්කය පහළටම තල්ලු කර දැමූ අතර ඔවුන් තරගාවලියේ ප්‍රථම වටයෙන්ම ඉවතට වීසි වන්නේ එක් ජය පරාජයකින් තොර තරගයක් සහ පරාජයන් දෙකක් සමඟින්ය.

ඩෙන්මාර්ක් සහ ඕස්ට්‍රේලියාව අතර තරගයේ ප්‍රථම භාගය ගෙවුණේ කිසිඳු කණ්ඩායමකට ලකුණු නොමැතිවය.දෙවන භාගයේ 60 වන විනාඩිය ගෙවෙද්දී ඔස්ට්‍රේලියාවේ ඔස්ට්‍රේලියාවේ මැතිව් ලෙකී ක්‍රියාත්මක වෙමින් ඕස්ට්‍රේලියාවේ පමණක් නොව ඩෙන්මාර්කයේද ඉරණම තීරණය කළ ගෝලය ලබා ගත්තේය.ඒ අනුව මෙවර ලෝක කුසලාන තරගාවලියේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල මුල් කණ්ඩායම් 10 අතර සිටින කණ්ඩායමකට සුපිරි 16 වටයෙන් ඉවත්වීමට සිඳු වන පළමු අවස්ථාව උදා කර දෙන්නට ඕස්ට්‍රේලියාවට හැකි විය.

ප්‍රංශය ඩී කාණ්ඩයේ අවසාන තරගයට පිවිසෙන විටත් සිටියේ සුපිර 16 වටයට සුදුසුකම් සපුරාය.ඒ නිසා ටියුනීසියා තරගයේ දී ඔවුන්ගේ සුපිරි ක්‍රීඩක මබාපේ පිටියට කැඳෙව්වෙත් තරගයේ 63 වන විනාඩියේදී ය.නමුත් ප්‍රංශයට තරගය පරාජය වන්නට ඕනිකමක් නොතිබිණ.එහෙත් දෙවන භාගය ආරම්භයේදීම ලැබුණ බුරුල ප්‍රයෝජනයට ගත් ටියුනීසියාවේ වහාබි කෂ්රි ප්‍රංශයට එරෙහිව වාර්තා කරන ලද ගෝලයේ ශක්තිය ටියුනීස්යාව තරගය පුරාවටම රැක ගත්තේය.ඔවුන්ට දෙවන වටයේ සුපිරි කණ්ඩායම් 16 ට එන්නට නොහැකි වුව ද,වත්මන් ලෝක සූරයන් පරාජය කිරීමේ ආඩම්බරය රැකගෙන තරගාවලියෙන් ඉවත්ව යන්නට ලැබිණ.

සී කාණ්ඩයේ පෙරළිකාරම කණ්ඩායම වෙමින් පළමු තරගයේදීම සුපිරි ආර්ජෙන්ටිනාව පරාජය කළ සවුදි අරාබියාව මෙක්සිකෝවට එරෙහිව ලද ගෝල 2- 1 පරාජයත් සමඟ එම කණ්ඩායමේ අවසාන ස්ථානයට හිමිකම් කියන කණ්ඩායම බවට පත්ව ලෝක කුසලාන සුපිරි 16 වටයට ඇතුළත්වීමේ සිහිනයට සමු දුන්නේය.මෙක්සිකෝවෝ එම ජයත්,පෝලන්තය ආර්ජෙන්ටිනාව සමඟ තරගයෙන් ලද 2-0 ක පරාජයත් සමඟ මෙක්සිකෝවේ සහ පෝලන්තයේ තරග ජය,පරාජය සහ විසඳුමක් නැති තරගවල දත්ත සම විය.එය සටහන් වූයේ 1-1-1 සේ ය.එසේම එහිදී කණ්ඩායම් දෙකම ප්‍රතිවාදීන්ට එරෙහිව රැස් කර තිබූ ගෝල සංඛ්‍යාව ද සම විය.එය දෙක බැඟින් ය.එහිදි සැළකිල්ලට ගත්තේ ප්‍රතිවාදීන්ට ලබා දුන් ගෝල් සංඛ්‍යාවය.මෙක්සිකෝව ගෝල 3 ක් ලබා දෙද්දී මෙක්සිකෝව ගෝල 3 ක් ලබා දී තිබූ නිසා ඉදරියට යාමේ අවස්ථාව පෝලන්තයට හිමි විය.

ආර්ජෙන්ටිනාව ලෝක පාපන්දු ප්‍රජාව අතර ලෝක සූරතාවය සම්බන්ධයෙන් ඉහළ බලාපොරොත්තු තබා සිටින කණ්ඩායමක් වන අතර පළමු තරගයෙන් පරාජය වුව ද ඔවුන් අවසානයේ සී කාණ්ඩයේ ඉදිරියෙන්ම රැඳෙමින් පළමු වටය අවසන් කරන්නට සමත් විය.සුපිරි 16 වටයේදී ආර්ජෙන්ටිනාව ඕස්ට්‍රේලියාව හමුවීමට නියමිත අතර ප්‍රංශය පෝලන්තය හමුවීමට නියමිතය.මේ තරග දෙකම පැවත්වෙන්නේ දෙසැම්බර් 4 වන දා ය.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan