කොවිඩ් මෘතදේහ භූමදානයට අවසර නොදුන් දෙදෙනා ඇමති අලි සබ්‍රි හෙළිකරයි (VIDEO)

Date:

කොවිඩ් මෘතදේහ භූ‍මදානය කිරීමට අවසර ලබාදීමට කැබිනට් මණ්ඩලයේ සියලු දෙනාම එකඟ වී සිටියදී ඊට විරුද්ධව කටයුතු කළේ මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය සහ වෛද්‍ය චන්න පෙරේරා මහතා බව විදේශ කටයුතු අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි මහතා පවසයි.

“කොවිඩ් 19 මෘතදේහ බලහත්කාරයෙන් පුච්චන්නට ඕනෙයි කියලා ඒ නිර්දේශය දුන්නෙ – මම දන්නවා සමහර වෙලාවට මට විශේෂයෙන්ම මුස්ලිම් සමාජයෙන් විශාල චෝදනා එල්ල වුණා මම මේකට මොකුත් නොකළාය කියලා. නමුත් මම දන්නවා මම පස්වතාවක් මේ පිළිබඳ කැබිනට් එකේ කරුණු කතා කළා. කැබිනට් එකේ සියලුම දෙනාම හිටියේ මේ ලෝකෙ හැමෝම කරනවා නම් ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කරනවා නම් ඇයි මේක කරන්න දෙන්නෙ නැත්තේ, අපි තිරිසන් රටක් හැටියට එළියට පේනවායි කියන මතයේ. එක්කෙනෙක්වත් විරුද්ධ වුණේ නෑ. නමුත් අමතක කරන්න එපා, මේකෙ හැමදේම දේශපාලනඥයින්ට පවරන්න හොඳ නෑ. චන්න පෙරේරා කියන හිටපු වෛද්‍යවරයෙක්, එතුමාගේ කමිටුව යටතේ ඉඳගෙන මෙත්තිකා විතානගේ කියන මහත්මිය ජනමාධ්‍ය හරහා ඇවිල්ලා කිව්වා මේක වැළලුවොත් අවුරුදු කෝටි ගාණකට පස්සේ මේ වෛරස් එක කඩාගෙන ඇවිල්ලා රට විනාශ වෙන්න ඉඩ තියෙනවා කියලා. හැබැයි 11 වසරේ පොත බැලුවාම තියෙනවා වෛරස් එකක් පැය 24කට වැඩි කාලයක් ජීවත් වෙන්න නම් සජීවී සෛලයක් තියෙන්න ඕනෙ කියන එක. ඉතින් මේ බොරු කියලා ඒ වෙලාවේ මේක ඇදගෙන ගියේ කවුද ?මේක ඇදගෙන ගියේ අපෙ මාධ්‍යය. සමහර මාධ්‍යවල අය අපේ පෞද්ගලික හිතවත්තු. ඔවුන්ට කතා කරලා කිව්වා මොකක්ද මේ බොරුව කියලා. නමුත් ඔවුන්ටත් බලයක් නෑ ඒ නැරටිව් එක ආපස්සට හරවන්න. අවසාන වශයෙන් මොකක්ද වුණේ ? අපි සම්පූර්ණයෙන්ම මැදපෙරදිග නැතිකරගත්තා. ජාත්‍යන්තර මුස්ලිම් කවුන්සිලය කියන්නේ රටවල් 51ක බලගතු සංවිධානයක්”

මොහොමඩ් අලි සබ්‍රි මහතා මේ බව පැවසුවේ ඊයේ (30) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...