*
Tuesday, October 22, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 12/01

1. කෙරවලපිටියේ යුගදනවි බලාගාරයේ කොටස් වලින් සියයට 40ක් ලබා ගැනීමට අදාළව ඇමරිකානු බල ශක්ති සමාගමක් වන New Fortress Energy Inc. සහ රජය අතර එළඹි ගිවිසුමෙන් එම සමාගම ඉවත් වීමට ඉඩ ඇති බවට වාර්තා වෙයි – එමෙන්ම, ද්‍රව ස්වභාවික වායු ක්ෂේත්‍රයේ ඒකාධිකාරියක් පවත්වා ගැනීමට මාන බලන බවට ද වාර්තා වෙයි.

2. මුදල් අමාත්‍යංශය කැසිනෝ නියාමක අධිකාරියක් ස්ථාපිත කිරීමේ ක්‍රමවේදයක නිරත වෙමින් සිටින බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසයි – මෙය ස්ථාපිත කිරීමට අදාළ නිසි කාලරාමුවක් ඉදිරිපත් කිරීම ප්‍රතික්ෂේප කරයි – මෙම ක්‍රියාවලිය සඳහා නීතිමය කටයුතු බොහෝ සෙයින් සම්බන්ධවනු ඇති බව ද පවසයි.

3. රට බංකොලොත්භාවයට ප්‍රකාශයට පත් කිරීමෙන් පසු කිසිඳු රටක් ශ්‍රී ලංකාවට ණයක් ලබා දීමට සූදානම් නොමැති හෙයින්, ශ්‍රී ලංකාවට නව ග්‍රහලෝකයක් දැන් සොයා ගැනීමට සිදුව ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පා.ම. අනුර කුමාර දිසානායක පවසයි.

4. 2023 අයවැයට අනුව රු. ට්‍රිලියන 03 ක බදු ආදායමක් සොයා ගැනීමේ ඉලක්කය සපුරා ගැනීම අතිශයින්ම දුෂ්කර වනු ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් රංජිත් හපුආරච්චි පවසයි – මීට හේතුව 2023 ට පුරෝකථනය කර ඇති සෘණ ආර්ථික වර්ධනය බව ද පවසයි – රට බංකොලොත්බව නිවේදනය කිරීමෙන් පසු,  2022 පැවති සියයට 4.5 ක ධන වර්ධනය සියයට 8.7 ක සෘණ වර්ධනයක් දක්වා පහත වැටිණි – 2023 දී ද සියයට 5 ඉක්මවූ සෘණ වර්ධනයක් අපේක්ෂා කරයි.

5. පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධයක් ඇතැයි විශ්වාස කෙරුනු පුද්ගලයකු ඝාතනයට ලක්වීම සම්බන්ධයෙන් පිළිතුරු ලබා දෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස රජයට බලකරයි – පාස්කු ප්‍රහාරයට සැකපිට අත්අඩංගුවට පත්ව ඇප මත නිදහස්ව සිටි 38 හැවිරිදි බදුර්දීන් මොහමඩ් හාර්නාස් ඉකුත් දින මට්ටක්කුලිය ප්‍රදේශයේදී පිරිසක් විසින් කපා කොටා ඝාතනය කර තිබිණි.

6. ඉදිරි දින වල කිරිපිටි වල කිසිඳු හිඟයක් ඇති නොවනු ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි – මේ සඳහා අවශ්‍ය නිසි ක්‍රියාමාර්ග ගනු ලබමින් සිටින බව ද සහතික කරයි.

7. “සැලකිල්ලට භාජනය කළ යුතු ණය සඳහා පරිමිතිය තීරණය කළ හැක්කේ බාහිර ණය සැලකිල්ලට ගැනීමේ ක්‍රියාදාමය අවසන් වූ පසු පමණක්” බව හිටපු මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි පවසයි – ඉන්ද්‍රජිත් කුමාරස්වාමි යනු ශ්‍රී ලංකාව විදෙස් ණය පැහැර හැරිය යුතු බවට ඉදිරිපත් වූ මතය ප්‍රධාන වශයෙන්ම ප්‍රවර්ධනය කළ පුද්ගලයකු බවත්, මෙම ණය පැහැර හැරීම ක්‍රියාත්මක කිරීමට මූලාරම්භය ලබා දුන් බහුපාර්ශ්වික නියැලීම සහ ණය තිරසාරභාවය පිළිබඳ ජනාධිපති උපදේශක කණ්ඩායමේ සාමාජිකයකු බව ද සිහිපත් කළ යුතු ය – මෙකී ණය පැහැර හැරීම නිසා ශ්‍රී ලංකාව දැන් ජාත්‍යන්තරය ඉදිරියේ හෑල්ලුවට ලක්වී හමාර ය.

8. කොවිඩ් වලින් මරණයට පත්වූවන්ගේ මෘත දේහ භූමදානය කිරීමට අවසර ලබා නොදීම සම්බන්ධයෙන් විදේශ ඇමති අලි සබ්‍රි සිය කණගාටුව ප්‍රකාශ කරයි – මෙහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවේ මැදපෙරදිග සහයෝගී පාර්ශව සම්පූර්ණයෙන්ම පාහේ රටට අහිමි වූ බව පිළිගනී – මෙම තීරණයට තමා කැබිනට් මණ්ඩලයේදී තදින් ම විරුද්ධ වූ බව ද පවසයි – එම තීරණය, තර්කය, විද්‍යාව සහ සහකම්පනය යන සියල්ලට පටහැනි බව ද පිළිගනී.

9. මෑත දින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් ඉවත්කරන ලද ක්‍රීඩක චාමික කරුණාරත්න සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන තේරීම්කාරක ප්‍රමෝද්‍ය වික්‍රමසිංහගෙන් ශ්‍රී ලංකා කිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා ට ලිපියක් – ප්‍රමුඛ තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක චාමික “කාන්තාවන් හමුවීමට වැඩි උනන්දුවක්” දැක්වූ බව පවසයි.

10. ශ්‍රී ලංකාව, ඇෆ්ගනිස්තානය කඩුලු 4කින් පරාජය කර තරඟාවලිය 1-1 ලෙස සමකරයි – ඇෆ්ගනිස්තානය පන්දුවාර 50 ක දී  313/8; ශ්‍රී ලංකාව පන්දුවාර 49.9 ක දී 314/6 – තරඟයේ වීරයා චරිත් අසලංක – ලකුණු 83.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan