අවුරුදු පහට අඩු දරුවන්ගේ මන්දපෝෂණය වැඩි වෙලා – විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා!

මන්දපෝෂණයෙන් පෙළෙන අවුරුදු 5 ට අඩු දරුවන්ගේ යම් වැඩිවීමක් දක්නට ඇතැයි පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්‍ෂිකා විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය ඊයේ (30දා) පැවසුවාය.

ඔක්තෝබර් මාසයට යෙදී ඇති පෝෂණ මාසයේ සිදුකරන ලද නිර්ණයන් වලට අනුව ලබාගත් වාර්තාවලින් ඒ බව තහවුරු වී ඇතැයිද ඇය සඳහන් කළාය.

ඇය ඒ බව කියාසිටියේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

අවුරුදු 5 ට අඩු දරුවන්ගෙන් සියයට 95 ක පෝෂණ තත්ත්වය පිළිබඳ වාර්තා ලැබී ඇතැයිද ඇය කියා සිටියාය.

මෙහිදී තවදුරටත් කතා කළ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය මෙසේද කීවාය.

” අවුරුදු 5 ට අඩු දරුවන්ගේ මන්දපෝෂණ තතත්ත්වය යම් වැඩිවීමක් දක්නට ලැබෙනවා. විශේෂයෙන්ම බර අඩු දරුවන්ගේ ප්‍රතිශතය සියයට 15 ක්. ඒ කියන්නේ සියයට 3 ක වැඩිවීමක් දකින්නට ලැබෙනවා. ඒ වගේම මිටි බව හා කෘෂ බව තිබෙන දරුවන්ගේ සියයට 2 ක වැඩිවීමක් පසුගිය වසරට වැඩිය දක්නට තිබෙනවා. දැන් මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය හා රජය විශේෂ ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නවා. දරුවන් මේ තත්ත්වයෙන් මුදාගන්න ආහාර සුරක්ෂිතතාවය වැඩි දියුණු කරලා දරුවන්ගේ මන්දපෝෂණ තත්ත්වය අඩු කරන්න ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නේ”

ඇය පැවසීය .

රෂිකා හෙන්නායක
2022.12.01

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනපතිගෙන් පොරොන්දුවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : බලයට පත්වීමෙන් පසු...

වීදි සුනඛයන්ට මයික්‍රෝ චිප්: හෝමාගමෙන් ඇරඹි නවීන තාක්ෂණික විසඳුම

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ බොහෝ...

ටෝකියෝ හිදී රිද්මය සොයාගත් Leylah Fernandez පෑන් පැසිෆික් ඕපන් අවසන් සටනට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ක්‍රීඩා පිටියේදී එල්ල...

TIN අංකය අනිවාර්ය කිරීමේ නව නීති

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ දේශීය...