පොලිස් විශේෂ කාර්ය බලකායටම වෙන්වූ රාජකාරියක්…

Date:

පොලිස් විශේෂ කාර්ය බලකාය වෙනත් රාජකාරීවලින් බැහැර කර මත්ද්‍රව්‍ය හා පාතාලය මැඩලීම සඳහා යෙදවීමට බලාපොරොත්තුවන බව මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි මහතා පවසයි.

අද (01) පෙරවරුවේ බත්තරමුල්ලේ පැවති මත්ද්‍රව්‍ය පුනරුත්ථාපනය හා නිවාරණය පිළිබඳව ජාත්‍යන්තර සැසියට සහභාගි වෙමින් ඔහු මෙම අදහස් පළ කළේ ය.

විශේෂයෙන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් නිසා බන්ධනාගාර තුළ තදබදයක් නිර්මාණය වී ඇති බවත් , අයිස් මත්ද්‍රව්‍ය 10 g ට වඩා තිබුණොත් මරණ දඩුවම නියම කිරීමේ තීරණය පිළිබඳවත් ඔහු අදහස් පළ කළේ ය.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීම සහ පාසල් ළමුන් යොදාගෙන මත්ද්‍රව්‍ය ප්‍රචාරණය මර්දනය කිරීම පිළිබඳව ද මෙහි දී ඔහු අදහස් පළ කළේ ය.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ ,විශේෂ කාර්ය බලකායේ සෙබළුන් වෙනත් රාජකාරිවලින් බැහැරකොට මත්ද්‍රව්‍ය පාලනයට යොදවන බවයි.

එහි පළමු අදියර ලෙස අගුණුකොල පැලැස්ස, බූස්ස රිමාන්ඩ් බන්ධනාගාරයේ රාජකාරිවලට යොමු කර ඇති එස් ටී එෆ් බටයින් ඉවත් කර ගැනීමට කටයුතු කෙරෙන අතර
ඉවත් කෙරූ පිරිස වෙනුවට විශේෂ කාර්යය බලකා පුහුණුව ලැබූ 200 ට අධික විශේෂ කණ්ඩායමක් පුහුණු කර අනියුක්ත කිරීමට නියමිත බවත් දෙවැනි පියවර ලෙස විශේෂ කාර්ය බලකායට 600 ක් බඳවා ගැනීමට ද අපේක්ෂා කෙරේ.

රෂිකා හෙන්නායක
2022.12.01

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වියපත් වුණත් ලස්සනට ඉන්න කවුද අකමැති…?

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : 65 හැවිරිදි වියේ...

කල් දැමූ අ.පො.ස. උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් හෙට(12) සිට 20 වැනිදා දක්වා!

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : තාවකාලිකව කල් දැමීමට...

PSLV-C62 මෙහෙයුම සහ EOS-N1 (Anvesha) චන්ද්‍රිකාව

රෂිකා හෙන්නායක ජනවාරි 11 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද(11) දින...

ඕස්ට්‍රේලියාවට බලපෑ ලැව්ගිනි හේතුවෙන් එක් අයෙකු මියගොස් හෙක්ටයාර් 350,000කට අධික සංඛ්‍යාවක් විනාශ වේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 11: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වසර ගණනාවකට පසු...