ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත තානාපතිනිය යුනෙස්කැප් (UNESCAP) වෙත අක්තපත්‍ර ලිපි පිළිගන්වයි

Date:

ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත තානාපතිනී සී. ඒ. චාමින්දා අයි කොලොන්නේ මැතිණිය ආසියා සහ පැසිෆික් කලාපය සඳහා වන එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කොමිසම (යුනෙස්කැප් -UNESCAP) වෙත සිය අක්තපත්‍ර ලිපි පිළිගන්වයි

විධායක ලේකම් අර්මිදා සල්සියා ඇලිෂ්ජබානා මැතිණිය 2021 නොවැම්බර් 15වන දින සිට 16වන දින දක්වා තිරසාර සංවර්ධන අරමුණු පිළිබඳ පස්වන දකුණු ආසියානු සමුළුව මෙහෙයවීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාට සහ ශ්‍රී ලංකා රජය වෙත සිය ප්‍රශංසාව පළ කළාය. බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සහ විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා සමඟ එතුමිය මෑතකදී පැවැත්වූ අථත්‍ය හමුවීම් සිහිපත් කරමින්  විධායක ලේකම් අර්මිදා සල්සියා ඇලිෂ්ජබානා මැතිණිය විසින් තිරසාර සංවරධන අරමුණු මාර්ග සිතියමට අනුකූල ව දැරිය හැකි සහ පිරිසිදු බලශක්තිය යන තිරසාර සංවරධන අරමුණු 07 සාක්ෂාත් කර ගැනීම සඳහා තාක්ෂණික සහය ලබා දීමට යුනෙස්කැප් දක්වන උනන්දුව අවධාරණය කරන ලදි.

දත්ත සහ සංඛ්‍යාලේඛන, කාබනික ගොවිතැන, රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්වය (PPP) සහ සංවර්ධනය සඳහා මූල්‍යකරණය මෙන් ම ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති සංවර්ධනය සඳහා තාක්ෂණික සහ මූල්‍ය ආධාර සැපයීම යන ක්ෂේත්‍රවල අනාගත සහයෝගීතාව පිළිබඳව දෙදෙනා ම තවදුරටත් සාකච්ඡා කළහ.

රසායනික පොහොරවලින් කාබනික පොහොර වෙත මාරුවීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දරන බලවත් උනන්දුව සහ උත්සාහය පිළිබඳව විස්තර කළ තානාපතිනී චාමින්දා කොලොන්නේ මහත්මිය ශ්‍රී ලංකාවේ කාබනික ගොවිතැනට යොමුවීම සඳහා යුනෙස්කැප් හි තාක්ෂණික සහාය, පර්යේෂණ සහ දැනුවත් කිරීමේ වැඩසටහන් ලබා දෙන ලෙස ඉල්ලා සිටියාය.

යුනෙස්කැප් කොමිසමේ ලේකම් ලොරෙන්සෝ සන්තුචි උපාය මාර්ග සහ වැඩසටහන් කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂක සහ යුනෙස්කැප් හි දකුණු සහ නිරිතදිග ආසියාව සඳහා වන උප කලාපීය කාර්යාලය භාර නිලධාරී ඇඩ්නන් අලියනි සහ බැංකොක්හි ශ්‍රී ලංකා දූත මණ්ඩලයේ පළමු ලේකම් සහ නියෝජ්‍ය නිත්‍ය නියෝජිත සාරිතා රණතුංග යන මහත්ම මහත්මීන් ද මෙම සාකච්ඡාව සඳහා එක් විය.

තානාපති කාර්යාලය සහ යුනෙස්කැප් හි ශ්‍රී ලංකා නිත්‍ය දූත මණ්ඩලය
බැංකොක්
2021 නොවැම්බර් 30  වැනි දින

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිල ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (ජුනි 30) මධ්‍යම රාත්‍රියේ සිට...

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...