එක දවසෙන් අල ලොකු වෙනවා නම් මේක පිටිපස්සේ මොකක්ද තියෙන්නේ කියලා පැහැදිලියි – මහින්දානන්ද (VIDEO)

Date:

රටේ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීමට පවා නොහැකි මට්ටමට ඩොලර් හිඟයක් ඇතැයි පසුගිය දිනවල පැවසුන නමුත් රසායනික පොහොර ආනයනයට අවසර ලබාදුන් පසුව මේ වනවිට සියලුම පෞද්ගලික බැංකු එතෙක් සඟවාගෙන සිටි ඩොලර් එළියට ගෙන රසායනික පොහොර ආනයනය සඳහා ණයවර ලිපි විවෘත කර ඇති බවත් කාබනික වගා ප්‍රතිපත්තියට එරෙහිව දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වුණු බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. 

“ජනාධිපතිතුමා මේ තීන්දුව ගත්තෙ එක රැයකින් තනි තීරණයකට නෙවෙයි. කෘෂි විශේෂඥයින් විද්වතුන් කැඳවලා, ඒ පිරිස තමයි සෞභාග්‍යයේ දැක්මේ මේ වගන්තිය ලියන්නෙ. ඒ වගේම ඒ පිළිබඳ එතුමා දීර්ඝ කතිකාවක් කරලා තමයි මේ තීන්දුව ගන්නෙ. හැබැයි ජනාධිපතිතුමා මේ ගත්ත ඓතිහාසික තීන්දුවේ වටිනාකම මේ රටේ කිසිවෙක් අතට ගත්තෙ නෑ. මේ ඓතිහාසික ජාතික තීන්දුව දේශපාලනීකරණය වුණා. අවසානයේ මේකට විරුද්ධව ගොවි ජනතාව පාරට බැහැලා මේ ගත්ත තීන්දුව නිසා ජනතාවට ඇහුම්කන් දෙන සංවේදී ආණ්ඩුවක් විදියට අවසානයේ අපි තීන්දු කළා රසායනික පොහොර ආනයන තහනම ඉවත් කරන්න. හැබැයි අපි හැප්පුණේ සීගිරි කන්දටත් එහා ගිය රසායනික මාෆියාවත් එක්ක අපෙ හාමුදුරුවනේ. 

හැමදාම ආර්ථික මධ්‍යස්ථාන වලට ගිහිල්ලා අපේ මාධ්‍යවේදියො අල්ලනවා කැමරා එක. කීයද ? කැරට් කිලෝ එක 500 යි, ළූණු කිලෝ එක 500 යි, අල කිලෝ එක 500 යි. කැරට් අලයක් මෙච්චරයි, අල ගෙඩියක් මෙච්චරයි. රසායනික පොහොර තහනම ඉවත් කරලා දවස් දෙකක් ගියාට පස්සෙ කියනවා 500 කැරට් කිලෝ එක 250 යි, 500 අල කිලෝ එක 250 යි, මෙච්චර කැරට් අලේ මෙච්චරයි, මෙච්චර අල ගෙඩිය මෙච්චරයි කියලා ඒ රූපවාහිනියෙන්ම පෙන්නුවා. අපේ රටේ ඩොලර් හිඟයක් තියෙනවාය කියනවා. අත්‍යවශ්‍ය ආහාර ගේන්න පෞද්ගලික බැංකු සල්ලි නෑ කියනවා. අපි රසායනික පොහොර තහනම ඉවත් කළා මීට සතියකට කලින්. අද වෙනකොට සියලුම පෞද්ගලික බැංකු නෑ කියපු ඩොලර් ටික එළියට අරගෙන රසායනික පොහොර ආනයනය කරන්න LC ඇරලා ඉවරයි. එක දවසෙන් කැරට් ලොකු වෙනවා නම් එක දවසෙන් අලගෙඩි ලොකු වෙනවා නම් එක දවසෙන් මිල බහිනවා නම් එක දවසෙන් නැති ඩොලර් ඇති වෙනවා නම් මේක පිටිපස්සෙ මොකක්ද තියෙන්නෙ කියන එක අපට ඉතාම පැහැදිලියි” 

අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ බව පැවසුවේ “කාබනික වගාවේ ඉදිරිගමන පිළිබඳ ජාතික කතිකාව” මැයෙන් ඊයේ (30) කොළඹදී පැවති සම්මන්ත්‍රණයක් අමතමිනි. 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Celebrity Buzz: කින්ග් ඛාන් පවුලට මෙන්ම බොලිවුඩයට නව සන්ධිස්ථානයක් එක් කළ ආර්යන් ඛාන් ගේ “The Ba**ds of Bollywood”!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

මේ වසරේ ආරම්භ කළ ව්‍යාපෘති මේ වසරේදීම නිශ්චිත ඉලක්ක කරා මෙහෙය වන්න – ජනපති

නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයට 2025 වසරේ වෙන්...

ජාතික කනිෂ්ඨ ස්කොෂ් ශූරතාව මතීෂ විජේසේකරට සහ නෙත්මි වික්‍රමසිංහට

නිශ්මං රණසිංහ අගෝස්තු 25, කොළඹ LNW: ශ්‍රී ලංකා ස්කොෂ් සම්මේලනය විසින්...

සජිත් – මෛත්‍රී මුලසුනේ. විපක්ෂ නායක කාර්යාලයේ විශේෂ හමුවක්. රනිල් වෙනුවෙන් විපක්ෂයෙන් කමිටුවකුත් හදයි!

කොළඹ LNW:හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම තුළ...