කබලෙන් ලිපට වැටුණු දරු පරපුරෙන් පහසුකම් ගාස්තු ගන්න එපා – විපක්ෂ නායක සජිත් (VIDEO)

Date:

දෙවසරකට වැඩි කලක් මේ රටේ දරු පරපුර අධ්‍යාපනය අතින් බලවත් පසුබෑමකට ලක්ව ඇති බවත් ආණ්ඩුවේ අකාර්යක්ෂම, අන්තනෝමතික කටයුතු නිසා රටම බැට කා සිටින අතර දරු පරපුරට ද අත්ව ඇත්තේ එවන් තත්ත්වයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. 

මේ වනවිට විවෘත කරන ලද පාසැල්වලට පහසුකම් හා සේවා ගාස්තු ලෙස මුදල් අය කරන තත්ත්වයක් උද්ගතව ඇති බව පැවසූ විපක්ෂ නායකවරයා, කොරෝනා නිසා බැට කෑ ජනතාවගෙන් පාසැල් සදහා ගාස්තු අයකිරීම ඛේදවාචකයක් බවත් ප්‍රකාශ කළේය. පාසැල් දරුවන්ට බලකොට මුදල් අයකිරීම බලවත් වරදක් බව අවධාරණය කළ ඒ මහතා, ආණ්ඩුව නිදහස් අධ්‍යාපනය අවසන් කිරීමට කටයුතු කොට ඇතැයිද කීය.

මේ මොහොතේ කළයුත්තේ නායකයින් යැයි කියාගන්නා අය කැපකිරීම් කොට දටු පරපුර සහ මව් පරපුර සුරක්ෂිත කිරීම බව ද සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේය. 

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ ඊයේ (30) සවස කඩුවෙල රණාල සමගි ජන බලවේග කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහනුවර පදික වේදිකාවල වෙළඳාමට නැවත කිසිසේත් අවසර දෙන්නේ නෑ – නගරාධිපති

ලෝක උරුම සංචාරක නගරයක් මෙන්ම පූජනීය නගරයක් වන මහනුවර...

මන්නාරම Hayleys Fentons සුළං විදුලි බලාගාරයේ ඉදිකිරීම් ජනපති අනුරගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ !

වසර 2050 වන විට ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචන ඉලක්කය...

ඉරානය සිය ගුවන් අවකාශය වසා දමයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 15: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ රාජාණ්ඩුවට එරෙහි...

දිට්වා ආපදාවෙන් 93%කට ජීවනෝපායට දැඩි බලපෑම්!

කොළඹ LNW:ආපදාවට ලක්වූ ප්‍රදේශවල 93%ක ජනතාව සිය ජීවනෝපායන්ට බලපෑම්...