කොළඹ LNW:පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට අදාළව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් දැඩි ආරක්ෂක විධිවිධාන මැද කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙන විත් තිබේ.
පසුගිය නඩු දිනයේ කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර විසින් කරනු ලැබූ නියෝගයකට අනුව සැකකාර සුරේෂ් සලේ අධිකරණයට රැගෙන විත් ඇති අතර හිටපු රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව ගොනු කර තිබෙන නඩුකරයේ තුන්වන සැකකරු නම් කර ඇත.
ඒ අනුව ඔහුව අධිකරණයට ඉදිරිපත් කළ යතු වන බවයි මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබුණේ.


