චාමික අබුඩාබි තරගාවලියේ පන්දු යවන්නන් අතර ඉදිරියෙන්ම

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW):මේ දිනවල ක්‍රියාත්මක අබුඩාබි ටී 10 තරගාවලියේ පන්දු යවන්නන් අතර පෙරමුණ ගන්නට චාමික කරුණාරත්න සමත් වී සිටිනවා.තරග දෙකක් නිමාවේ නිව්යෝර්ක් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම නියෝජනය කරන චාමික ලකුණු 47 ට කඩුලු 6 ක් දවාගෙන සිටිනවා.ඔහු සහභාගි වූ තරග දෙකේදීම කඩුලු දෙක බැඟින් දවා ගන්නට සමත් වූ අතර ශ්‍රී ලංකා ක්‍රිඩකයින් වන කුසල් මෙණ්ඩිස් සහ දසුන් ශානක නියෝජනය කරන බංගලා ටයිගර්ස් කණ්ඩායමට එරෙහිව ඔහු ලකුණු 22 ට කඩුලු 3 ක් දවා ගනිමින් දැක් වූ දස්කම නිසා එම ජයග්‍රහණයේදී තරගයේ වීරයා සම්මානයද චාමික කරුණාරත්නට හිමි වුණා.එහිදී දසුන් ශානක ද දැවී ගයේ චාමිකගේ පන්දුවකටයි.
චාමිකගේ දායකත්වයෙන් කඩුලු 7 ට ලකුණු 101 ට සීමා බෙංගාල් ටයිගර්ස් කණ්ඩායමේ ලකුණු ප්‍රමාණය පන්දු ඕවර් 7.4 දී ඉක්මවා යන්නට හැකි වුණේ ද තවත් ලාංකේය පිතිකරුවෙක්ගේ විශිෂ්ඨ දායකත්වය නිසයි.ඒ කුසල් ජනිත් පෙරේරා යි.ඔහු පන්දු 20 දී ලකුණු 50 ක් නොදැවී ලබා ගනිමින් පන්දු ඕවර 7.4 ක් නිමාවන විට ලකුණු පූවරුව කඩුලු 2 ට ලකුණු 103 දක්වා රැඟෙන එන්නට දායක වුණා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට කූඩාරමක් ඉදිකිරීමට යාමේදී උණුසුම් තත්වයක්

සිරදඬුවම් විඳිමින් සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස...

ඥානසාර හිමි නිදහස් කරන ඉල්ලීම ගැන තීරණයකට ජනාධිපති ලේකම් මාසයක් කල් ඉල්ලයි

බන්ධනාගාරගතව සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස ඉල්ලමින්...

මේ තවත් ගෝල්ෆේස් අරගලයක්ද ?

ඉතිහාසය වෙනත් විදියකට ආයේ ආයෙත් සිද්ද වෙනවා වගේ පේනවා. අපි...

සෞදි ආසියා කුසලානය කල් දැමීමේ අවදානමක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 15, කොළඹ LNW : සවුදි අරාබියේ ආසියානු...