සෞඛ්‍ය ඇමැති වූ නිසා තමයි මම රටේ ජනාධිපති වුණේ – මෛත්‍රීපාල සිරිසේන

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ඊයේ (30) පාර්ලිමේන්තුවේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂය යටතේ පැවැති විවාදයට එක්වෙමින් හිටපු ජනාධිපති, පොලොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියේ, 2010 වසරේදී සෞඛ්‍ය අමාත්‍ය ධුරයට තමාව පත් කළේ, දේශපාලන වශයෙන් නැත්තටම නැති කරන්නට බවයි.

තමාව නැත්තටම නැති කිරීමට සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස එවකට පත් කළ ද , අවසානයේ නතර වූයේ ජනාධිපතිවරයා වීමෙන් බවත් ඒ බව නව සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත මතක් කර සිටින බවත් මන්ත්‍රීවරයා පැවසුවේය.

”සෞඛ්‍ය ඇමැති වූ නිසා තමයි රටේ ජනාධිපති වුණේ. ඒ බව නව සෞඛ්‍ය ඇමැතිවරයාට මතක් කරන්න ඕනෑ. වංචා දූෂණ ගැන කතා කරන විට වෛද්‍ය සැපයීම් අංශය, ඖෂධ සංස්ථාව වගේ තැන්වලින් ඖෂධ ගන්නා විට ටෙන්ඩර් විශාල සංඛ්‍යාවක් කැඳවනවා. ටෙන්ඩර් ක්‍රමය මේ රටේ සම්පූර්ණයෙන්ම දූෂිතයි. ලෝකයේ ඕනෑම රටකට ගියාම ඒ රටවල මෙරට සෞඛ්‍ය සේවාව ගැන පිළි ගැනීමක් තිබෙනවා. ඒ තත්ත්වය තවදුරටත් ආරක්ෂා කරගත යුතු යි” ලෙස කියා සිටියේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඥානසාර හිමි නිදහස් කරන ඉල්ලීම ගැන තීරණයකට ජනාධිපති ලේකම් මාසයක් කල් ඉල්ලයි

බන්ධනාගාරගතව සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස ඉල්ලමින්...

මේ තවත් ගෝල්ෆේස් අරගලයක්ද ?

ඉතිහාසය වෙනත් විදියකට ආයේ ආයෙත් සිද්ද වෙනවා වගේ පේනවා. අපි...

සෞදි ආසියා කුසලානය කල් දැමීමේ අවදානමක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 15, කොළඹ LNW : සවුදි අරාබියේ ආසියානු...

කොළඹට විතරක් නෙවෙයි නුවරටත් මෙට්‍රො!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 15 කොළඹ LNW : බස්නාහිර පළාතට පමණක්...