”Let Communities Lead” තේමාව කරගත් ලෝක ඒඩ්ස් දිනය අදයි!

0
246
Red stethoscope and red AIDS awareness ribbon on red background. Horizontal composition with copy space. World AIDS Day concept.

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): සෑම වසරකම දෙසැම්බර් 01 වනදා ලෝක ඒඩ්ස් දිනය සමරනු ලබයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සියළුම ප්‍රජාවන් සමග එක්වී ”Let Communities Lead” එනම් ප්‍රජාවන්ට නායකත්වය දීමට ඉඩ දෙන්න යන තේමාව යටතේ 2023 ලෝක ඒඩ්ස් දිනය සමරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ, HIV සමග ජීවත් වන සහ පීඩාවට පත් වූ ප්‍රජාවන්ට එහි ප්‍රගතියක් ලබා ගැනීමට සාමාන්‍ය ජනතාව සහ තරුණ නායකයින් සමග එක්ව කටයුතු කිරීම අත්‍යවශ්‍ය බවත් , ලෝකයෙන් ඒඩ්ස් රෝගය තුරන් කළ හැක්කේ ප්‍රජාවන් හට නිසි මඟ පෙන්වීමෙන් බවත් ය.

අද දිනය හදුන්වන්නේ , HIV ආසාදනය පැතිරීම නිසා ඇති වන ඒඩ්ස් වසංගතය පිළිබඳව දැනුවත් කිරීම සඳහා කැපවූ ජාත්‍යන්තර දිනයක් ලෙසයි .ලෝක ඒඩ්ස් දිනයේ ඉතිහාසය අතීතය දක්වා දිව යන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය එය නිල ගෝලීය සෞඛ්‍ය සැමරුමක් ලෙස 1988දී ප්‍රකාශයට පත් කිරීමත් සමගයි. එය පළමු ගෝලීය සෞඛ්‍ය දිනය වූ අතර ලෝක ඒඩ්ස් දිනය පිහිටුවීම වසංගතයට එරෙහි සටනේ වැදගත් පියවරක් සනිටුහන් කරන ලදී.

ලෝක ඒඩ්ස් දිනයේ වැදගත්කම පවතින්නේ HIV/AIDS මගින් එල්ල වන අඛණ්ඩ අභියෝග කෙරෙහි අවධානය යොමු කිරීමට සහ අදාළ ගැටලු සඳහා ලැබෙන සහයෝගය බල ගැන්වීමට ඇති හැකියාව තුළ වන අතර, HIV සම්ප්‍රේෂණය, වැළැක්වීම, පරීක්‍ෂා කිරීම, ප්‍රතිකාර කිරීම සහ වෛරසය සමඟ ජීවත් වන අය මුහුණ දෙන අපකීර්තිය සහ වෙනස්කම් කිරීම් පිළිබඳව තමන් සහ අන් අය දැනුවත් කිරීමට මෙම දිනය ඉතා වැදගත් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා සිටී.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??