*
Wednesday, May 1, 2024
spot_img

Latest Posts

බස් ගාස්තු අඩුකරන්න නම් ඩීසල් තව රු. 20කින් වත් අඩුකරන්න!

කොළඹ LNW:බස් ගාස්තු අඩුවීමට නම් ඩීසල් ලීටරයක මිල තවත් රු.20කින් පමණ පහළ යා යුතු වන බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා පවසයි.

ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට සංශෝධිත ඉන්ධන මිල අනුව ඩීසල් ලීටරයක මිල රු.27කින් පහළ ගියද බස් ගාස්තු අඩුකිරීමට එය ප්‍රමාණවත් නොවන බවයි ප්‍රියන්ජිත් මහතා සඳහන් කරන්නේ.

පසුගිය මාස දකක පමණ කාලය තුළ ඉන්ධන මිල සංශෝධනය වූ අතර ඒ අනුව ඩීසල් සඳහා මෙවර අඩු වී ඇත්තේ රු. 12ක මිලක් බවද ඔහු කියාසිටියි.

මෙලෙස ඩීසල් මිල කිසියම් අයුරකින් අඩුවුවද බස් රථවල අමතර කොටස් ඇතුළු සසු වියදම් වල අඩුවක් නොමැති බවයි ප්‍රියන්ජිත් මහතා තවදුරටත් පෙන්වාදෙන්නේ.

එමෙන්ම එළඹෙන ජනවාරි මාසයේ සිට වැට් බද්ද වැඩිවීම හරහා ඉන්ධන සඳහා රු. 50කින් පමණ බද්ද ඉහළ ගියහොත් බස් ගාස්තු යළි වැඩිකිරීමට සිදුවන අතර එසේවුවහොත් අවම බස් ගාස්තුව රු.40ත් 50ත් අතර අගයකට වැඩිවිය හැකි බව ඔහු අවධාරණය කරයි.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan