*
Thursday, May 9, 2024
spot_img

Latest Posts

ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිගෙන් ජර්මනියට පාඩමක්!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): බර්ලින් නුවර පැවති ආර්ථික සංවාද මාලාවට ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති, ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතාට ලද ආරාධනය අනුව සහභාගී වූ අතර, “උද්ධමනය ප්‍රජාතන්ත්‍රවාදය නසා දමයි: ප්‍රජාවගේ ක්‍රියාකාරීත්වයේ පදනම ලෙස රාජ්‍ය මූල්‍ය තාර්කිකත්වය” යන තේමාව යටතේ එම සංවාද මාලාව පැවැත්විණි.

2022 වසරේදී වාර්තාගත ඉහළ අගයකින් පසුව ශ්‍රී ලංකාවේ උද්ධමනය පාලනය කිරීමේ සාර්ථකත්වය පිළිබදව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ විසින් එහිදී කරුණු ඉදිරිපත් කළ අතර, මෙම සම්මන්ත්‍රණය ජර්මනියේ මුදල් අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලදී.

ඔහුගේ දේශනයේදී, උද්ධමනය පාලනය කිරීමට මහ බැංකුව සහ රජය ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කළ අතර, උද්ධමනය අවම කිරීමේ උපාය මාර්ගය සහ ක්‍රියාවලිය පිළිබඳ අත්දැකීම් ඉදිරිපත් කර ඇත.

ජර්මනියේ මුදල් අමාත්‍ය ක්‍රිස්ටියන් ලින්ඩ්නර්, යුරෝපීය මහ බැංකුවේ සභාපති ක්‍රිස්ටීන් ලගාර්ඩ් සහ ලන්ඩන් ආර්ථික විද්‍යාලයේ මහාචාර්ය ඇල්බෙච් රිට්ච්ල් ද මෙම සමුළුවට සහභාගී වූ අනෙකුත් කථිකයන් අතර වූහ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan