පොහොට්ටුව හැරදමා සිලින්ඩරයන් බවට පත්වූ පොහොට්ටු නඩයට යන එනමං නැතිවෙලාම යයිද?

Date:

කොළඹ LNW:පසුගිය මැතිවරණ සමයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළකරමින් සිලින්ඩරය සමඟ එක් වූවන් යළි පක්ෂයට සම්බන්ධ කරගැනීමට මෙතෙක් නිල වශයෙන් සාකච්ජාවක් හෝ තීරණයක් ගෙන නොමැති බව හිටපු පාර්ලිමේන්තුව මන්ත්‍රී ජානක තිස්සකුට්ටිආරච්චි මහතා පවසයි.

කෙසේවෙතත් තමන් අපහසු වෙලාවක පක්ෂය හැරදමාගිය අය නැවත එක්කරගැනීමට පෞද්ගලිකව විරෝධයක් පවතින අයෙක් බවයි හිටපු මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

‘අමාරු වෙලාවේ දාලා ගිය අය නැවත එකතු කරගැනීමට පෞද්ගලිකවම විරෝධතාවක් තියෙන පුද්ගලයෙක් මම. ඒක මගේ පෞද්ගලික මතය. හැබැයි පක්ෂයක් විදිහට ඉදිරියට යාමේදී පක්ෂය ගන්න තීරණයට හිස නමන පුද්ගලයෙක් මම. කවදාවත් මම පක්ෂේ තීරණයෙන් පිට යන්නේ නැහැ. පක්ෂේ ඉහළම කණ්ඩායම් එක්ක ඉන්න පුද්ගලයෙක් විදිහට මම බොහොම වගකීමෙන් කියනවා අදවෙන තාක්කල් පක්ෂය හැර ගිය අය නැවත සම්බන්ධ කරගන්නෙ කොහොමද? සම්බන්ධ කරගත යුතුද? යන කාරණය කොහෙවත් නිල වශයෙන් සාකච්ජා වුණේ නැහැ.” යනුවෙන් ඔහු තවදුරටත් පවසයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...