නොසිතූ මොහොතක ජීවන ගමනට සමු දුන් Shobitha !

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

Shobitha Shivanna ඉන්දීය කන්නඩ සිනමාවේ සුරූපී නිළියක් වන අතර, ඇය මේ වන විට ඉතාමත් ශෝකී මතකයක් පමණක් ඉතිරි කරමින් තම ජීවන ගමනට සමු දී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

එරට මාධ්‍ය වාර්තා කරන්නේ, කොන්ඩාපූර් හි පිහිටි සිය නිවසේදී ඇය මියගොස් සිටියදී සොයා ගත් බවයි.

ගෙල වැලලාගෙන ශෝභිතා මියගොස් ඇති බව වාර්තා වන අතර, සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ගාන්ධි රෝහල වෙත ගෙන ගොස් තිබෙන බව වාර්තා වේ.

ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ, ඇගේ ඛේදජනක මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ පවත්වන බවයි.

එරදෝන්ඩලා මූරු, අටෙම්ප්ට් ටු මර්ඩර් හා වන්දනා ඇතුළු ජනප්‍රිය කන්නඩ චිත්‍රපට කිහිපයකටම ශෝභිතා රංගනයෙන් දායක වී තිබෙන අතර, ඇය ටෙලිකතා මාලා වලට ද රංගනයෙන් දායක වී ඇත. මිය යනවිට ශෝභිතා 22වන වියේ පසුවිය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හක්මන සමූපකාර ඡන්දයෙනුත් මාලිමාව උඩින්ම පරදී !

හක්මන විවිධ සේවා සමූපාකාර සමිතියේ නිලවරණයෙන් ද ජාතික ජන...

TLC Triathlon 2025 සාර්ථකව නිමාවට පත්වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : TLC Triathlon 2025...

මහනුවරින් ක්‍රිකට් පුහුණුකරුවන්ට බින්දුවේ සිට පුහුණු කරන්න කියා දෙයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: පූර්ණ සුදුසුකම් ලත් ක්‍රිකට්...