පැලවත්තේ දී අත්අඩංගුවට ගත් විරෝධතාකරුවන් රිමාන්ඩ්!

Date:

කොළඹ LNW:ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවක් පවත්වමින් කලහකාරී ලෙස හැසිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිව්දෙනා ලබන 10 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් කමල් විජේසිරි මහතා නියෝග කළේය.

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් බත්තරමුල්ල පැලවත්ත අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදී විරෝධතාවයේ යෙදී සිටියදී කලාකාරී ලෙස හැසිරෙමින් අයුතු ජන රාශියක සාමාජිකයන්වීම සහ පොලිස් නිලධාරීන්ට ද තුවාල සිදුකිරීම යන චෝදනා මත තලංගම පොලීසිය විසින් ඔවුන් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් පොලීසිය පැවසුවේ මෙම සැකකරුවන් කලහකාරී ලෙස හැසිරෙමින් උප පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනෙකුට තුවාල සිදුකර ඇති අතර එම පොලිස් නිලධාරින් තිදෙනා කොළඹ ජාතික රෝහලේ සහ නැගෙනහිර කොළඹ මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බවයි.

ලබන 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු සැකකරුවන් එදිනට හඳුනාගැනීමේ පෙරට්ටුවක් වෙත යොමුකරන ලෙසත් වැඩබලන මහේස්ත්‍රාත්වරයා නියෝග කරන ලදී.

සැකකරුවන් වෙනුවෙන් නීතිඥවරුන් වන නුවන් බෝපගේ, නුවන් ජයවර්ධන මහත්වරු ඇතුළු නීතිඥ කණ්ඩායමත් ඉදිරිපත් වී තිබුණි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජාතික කාන්තා කොමිසමේ පළමු සභාපතිනියත් ඉල්ලා අස්වෙයි !

ජාතික කාන්තා කොමිසමේ සභාපතිනිය වූ නීතීඥ රමණී ජයසුන්දර මහත්මිය...

කොළඹ නගර සභා වාහනවලින් ඉන්ධන ඇද විකුණූ සේවකයින් දෙකක් අත්අඩංගුවට… වැඩත් තහනම්.

කොළඹ නගර සභාවේ වාහනවලින් ඉන්ධන ඉවත් කර විකුණූ සේවකයින්...

නව න්‍යෂ්ටික ගිවිසුමකට එළඹෙන ලෙස බල කරමින් ට්‍රම්ප් විසින් ඉරානයට එරෙහිව නාවික බලඇණියක් යොදවයි!

රෂිකා හෙන්නායක ජනවාරි 28 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නව න්‍යෂ්ටික...

දෙස් විදෙස් පාපන්දු කැකුළු SLR සංවිධානයෙන් කොළඹදී විකසිත වෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW: අවුරුදු 12 න පහළ...