LPL දිග ඇරෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 02, කොළඹ LNW:

හයවන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය 2026 ජූලි 8 වන දින සිට අගෝස්තු 8 වන දින දක්වා පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.


ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සම සත්කාරකත්වය දරන 2026 ICC පිරිමි T20 ලෝක කුසලාන තරගාවලිය 2026 පෙබරවාරි සිට මාර්තු දක්වා කාලය තුළ පැවත්වෙන බැවින් 2025 දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතව තිබූ LPL තරගාවලිය කල් දමන බව ශ්‍රී ලංකා ක්‍රිකට් මීට පෙර පැවසුවා.ඔවුන් ඊට හේතුව ලෙස දැක්වූයේ ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩාංගණ අළුත්වැඩියා කිරිමට අවධානය යොමු කිරිමට සිඳුව තිබෙන බවයි.


මෙම කල්දැමීම සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන් ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් විවිධ මත පළ කළ අතර මූල්‍යමය ශක්තියක් නොමැති බවට ද අදහස් පළ කරනු දකින්නට ලැබිණ.එහෙත් මේ වන විට වසරකින් මතු ලෝක කුසලාන සත්කාරකත්වයත් සමගින් ප්‍රධාන දේශිය ජාත්‍යන්තර තරගාවලියද සුපුරුදු පරිදි එළැඹෙන වසරේ මැද භාගයේ පැවත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් සැළසුම් කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මට්ටක්කුලියේ බිහිසුණු රිය අනතුරකින් තිදෙනෙක් මරුට. තවත් 8 දෙනෙකුට තුවාල !

මට්ටක්කුලිය, රාස්සමූණකන්ද ප්‍රදේශයේදී අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක්...

ඩොලරයේ අගයේ හදිසි වෙනසක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා රුපියලේ හදිසි අවප්‍රමාණය වීමක්...

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...