රෂිකා හෙන්නායක දෙසැම්බර් 02, කොළඹ LNW :
වැස්ස අඩු උනාට අව්ව පෑවට යන්න එන්න ගෙයක් දොරක් නැතිවුණු තමන්ගෙම කියලා කිසිම කෙනෙක් ඉතුරු නොවුන් දුක්බර අඳෝනා විතරක් මතකයේ රැඳුණු සතා සිවුපා වගේ ඉඳන් මිනිස්සු ඔක්කොම එකට වැළලුණු ගම්මානවල කඳුළු කතා ඕනෑ තරම්ය.
එසේ සැඟවුණු ජීවිතවල එහෙම කඳුළු කතාවක් සොයා යන්නට අපට හමුවුනේ උඩත්තව ප්‍රදේශයෙන්.
මහනුවර දිස්ත්‍රික්කයේ මිණිපේ ප්‍රාදේශි ලේකම් කොට්ඨාසයට අයත් උඩත්තව නෙළුම්මල ගම්මානය පොළොවට සමතලා කළ නකල්ස් කඳු වැටියේ පස් තට්ටුව කිසි දිනක තම හිස මතට කඩා වැටේ යැයි යහංගල පාමුල පිහිටි නෙළුම්මල ගම්මු කිසි දිනෙක නොසිතෙන්නට ඇත.
අකාරුණිකවු මහවැසි නකල්ස් කඳුවැටිය තෙමාගෙන පහළ බසිද්දී යහංගල දෙපස පස් කඳු දෙකක් රුදුරු වෙස් ගෙන නෙළුම් මල ගම්මානය යට කරමින් පවුල් දහතුනක තිස් එක් දෙනෙකු එකට මිහිදන්කල කඳුළු කතාවයි මේ.

උඩත්තව අරියඥාන හාමුදුරුවෝ උපන්නේ උඩත්තව නෙළුම්මල ගම්ම්මානේ උන්වහන්සේ සහ උන්වහන්සේගේ බාල සහෝදරයා වන උඩත් තව විජිතහිමියන්ට වගේම ඒ ගම්මානයේ ජීවත්වු ඥාති සහෝදර උඩත්තව විපුල හිමියන් එකට කෙළිදෙලෙන් ගත කළ ගම්මානය නෙළුම්මලයි.
මුලින්ම උඩත්තව අලිය ඥාන හිමියන් මහණදම් පුරන අතර ඒ අඩි පාරේ යමින් බාර සහෝදරයා සහ ඥාති සහෝදරයා මහණ දිවියට ඇතුළත් විය..උන්වහන්සේලා පිළිවලින් උඩත් තව අරියඥාන හිමියන් කෝරලීම විජයගිරිපිරිවෙන් විහාරස්ථානයේ පරිවිනාධිපති වශයෙන් වැඩවසන අතර උඩත්තව විජිත හිමියන් ගනේගොඩ පුරාණ විහාරයේ වැඩවසන අතර ඥාති සහෝදරයා වන උඩත්තව විපුල හිමියන් කහ තුඩුව විනිවල් කොළ සිරි නන්දාරාම විහාරස්ථානයේ වැඩ වසයි.
පසුගිය දිනවල ඇතිවුණු මහා වර්ෂාවක් සමග නකල්ස් කඳුවැටියේ යහන්ගල පාමුල පිහිටි නෙළුම් මල ගම්මානය යහන්ගල කඳුවැටිය දෙපස වස්කදු දෙකක් නාය යාමෙන් සම්පූර්ණයෙන්ම යටවිය.

එම ගම්මානයේ ජීවත් වූ පවුල් දහතුනක තිස් එක් දෙනෙකු පස්යට මිහිදන් විය.
27 වන දින සවස පහක් හයක් අතර මෙම නාය යෑම සිදුව ඇති අතර උන්වහන්සේලා ආරංචි වූ විගස එහි ගොස් ඇත .
ඒ යන විටත් රාත්‍රී කාලයේ අල්ලපු ගමේ තරුණයින් විසින් යට පස් කඳුමත යටවුණු මළ සිරරු ගොඩකනිමින් සිට ඇතිි අතර එම අවස්ථාවේ ගොඩකත් මළ සිරුරු කිහිපයක් ළඟ තබාගත් කුප්පි ලාම්පු එළියෙන් සුසුම් ලන ගමම්මු පිරිසක් උන්වහන්සේලාට හමුවී ඇත.
යන විටත් උන්වහන්සේලාගේ සියලු ඥාතීන් කුඩා දරුවන් ගැබිණි මව්වරුන් එක්ව පස් යට මිහිදන්වී ඇත.
උදෑසන සහ පසුව තරුණයින් සහ පොලිසිය මැදිහත්ව විසිහතර දෙනකුගේ වගේ සිරුරු ගොඩගෙනගෙන අල්ලපු ගමේ ප්‍රදේශවාසීන් හා මහා සංඝරත්නය මැදිහත්වීමෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලින් මැදිහත්වීමෙන් එක්ව අවසන් කටයුතු සිදු කර ඇත.
එම ගම්මානය තැනිතලා බිමක පිහිටා ඇති අතර නකල්ස් කඳුවැටියේ යහන් ගල ප්‍රදේශයේ සිට කිලෝමීටර පහකට අධික දුරක් පස් කන්ද පැමිණ මෙම ගම්මාන යට කර ඇත.
විස්තර – නයන දුලගෙ…ස්තූතියි
