රෂිකා හෙන්නායක දෙසැම්බර් 02, කොළඹ LNW :
බඩල්කුඹුර පොලිස වසමට අයත් මඩුගහපට්ටිය ප්‍රදේශයේ නිවසක් අසල තිබේ ගෙලකපා ඝාතනය කරන ලද බවට සැක කෙරෙන පුද්ගලයෙකුගේ මළ සිරුරක් බඩල්කුඹුර පොලිසිය මගින් අද (02) අළුයම සොයාගෙන ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ බඩල්කුඹුර මාලිගාතැන්න ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු තිස් හතක (37) වන අයෙක් බවට හඳුනාගෙන ඇති අතර ඔහු මොණරාගල ප්‍රදේශයේ මූල්‍ය ආයතනයක ආරක්ෂක නිලධාරියකු ලෙස සේවය කරන අයෙකි.
මෙම සිදුවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර බඩල්කුඹුර පොලිසිය විසින් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
