රු. ලක්ෂ 100ක මූල්‍යමය පරිත්‍යාගයක් ශ්‍රී ලංකා ඩාවුඩි බෝරා ප්‍රජාවගෙන්!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 02, කොළඹ LNW :

රට පත්වී තිබෙන ආපදා තත්ත්වයෙන් ගොඩ ඒමට ශක්තියක් වීමේ අරමුණින්, ශ්‍රී ලංකා ඩාවුඩි බෝරා ප්‍රජාව විසින් රුපියල් ලක්ෂ 100ක මූල්‍යමය පරිත්‍යාගයක් සිදු කරනු ලැබ ඇත.

අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ,ගෝලීය බෝරා ප්‍රජාවේ නායක ශුද්ධෝත්තම සෙයිද්නා මුෆද්දල් සයිෆුඩීන් පියතුමා වෙනුවෙන් ශ්‍රී ලංකා ඩාවුඩි බෝරා ප්‍රජාවේ සභාපති ඊබ්‍රහිම් සයිනි මහතා විසින් ඊට අදාළ චෙක්පත ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත පිළිගන්වනු ලැබීය.

විපතට පත් ජනතාව මුදා ගැනීම සහ සහන සැලසීම වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙළට ඉදිරියේදී තවදුරටත් සහාය ලබා දෙන බව මෙහිදී බෝරා ප්‍රජාවේ නියෝජිතයෝ, පවසා අත.

විපතට පත්වූවන් බේරා ගැනීමට සහ සහන සැලසීමට ශ්‍රී ලංකා රජය ගෙන යන වැඩපිළිවෙළ අගය කරමින් ඒ වෙනුවෙන් කෘතඥතාවද පළ කළ බව වඩිදුරටත් වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ව්‍යසනය දෙස කම්පාවෙන් බලා නොසිට වෙහෙස වී වැඩ කර යළි නැගිටිමු – ජනපති අනුරාධපුරයේදී කියයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW : ආපදා තත්ත්වය හේතුවෙන්...

Crete දූපතට දකුණින් බෝට්ටුවක් පෙරළීමෙන් 17 දෙනෙකුට ජීවිත අහිමි වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW : ඊයේ (06) දින...

අද(07) පස්වරුවේ ප්‍රබල අකුණු සමග ගිගුරුම් සහිත වැසි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW : ප්‍රබල අකුණු පිළිබඳ...