ක්‍රිකට් ගැන වෙනසක් වෙනසක් සහිත ක්‍රිකට් ක්‍රීඩාවක්

Date:

නිශ්මං රණසිංහ දෙසැම්බර් 02, කොළඹ LNW:

විවිධ පාර්ශව හුදෙකලාව මේ මොහොතේ තමන්ම හෝ නැතිනම් සංවිධානගත ව්‍යහුයකට සම්බන්ධව වැඩෙහි යෙදෙති.නැතිනම් තමන්ගේ දැන හැදුණුම්කම් යොදා ගනිමින් සංවිධානාත්මක ආකෘති සකස් කරමින් ජාතික ව්‍යසනයට උපකාර කරති.
මේ මොහොතේ විවිධ පුද්ගලයන්ගේ උසි ගැන්වීම් මත වැඩිපුරම විවේචනයට ලක්වන සංවිධානයක් වන ශ්‍රී ලංකා ක්‍රිකට් ද සිටින්නේ අප පළමුව සඳහන් කළ ජාතික ව්‍යසනයට විශාල මැදිහත්වීමක් කරමින්ය.එසේම නිර්මිත ඒ විවේචනයේ ගොදුරු වී දැවන්ත ප්‍රහාරයන්වලට ලක්වන ක්‍රිකට් ක්‍රීඩකයෝද මේ ව්‍යසනයේ වේදනාවන ගලා එන ප්‍රවාහයට එරෙහිව ජනතාවට සැනසෙන්නට,අස්වැසෙන්නට උඩු ගං බලා පිහිනන්නට දිරියක් වෙමින් සිටිති.


මේ මොහොතේ විවේචකයන්ටද එකට එකතු වි මේ තරම් නොවුණ ද,පළල් සංවිධාන ව්‍යහුයක් හරහා සමාජයට දැනෙන වැඩ සටහනක් කිරීමට හැකියාවක් ඇත.ඒ නොහැකියාවම සංවිධානයක බලය ගැනීමට පමණක් නොව එය ක්‍රියාත්ම කිරීමට ද එරෙහිව බාධාවක්ව මතු වන්නේය.ඒ නිසා බලය යා යුතු වන්නේ සරලව ගතහොත් හොඳ සංවිධාන කළමණාකාරිත්වයක් පුද්ගල සහයක් සහිත කණ්ඩායමකටය.සංවිධානයක මමත්වය අඩු විය යුතුය.නායකත්වය යනු මමත්වය නොවේය.


මේ සියල්ල ගැන ක්‍රිකට් ගැන සිතන අයට ශ්‍රී ලංකා ක්‍රිකට් සහ ක්‍රීඩකයින් සිතන්නට අලුත් මානයක් තනා ඇත.එය දේශපාලනිකය.සමාජීය අදහසක්ය.ක්‍රිකට් සම්බන්ධයෙන් තිබුණු දුර්මතයන් යම් පමණකට සංශෝධනය වි මේ ගං වතුරේ ගසාගෙන ගොස් යම් තරමකට පිරිසිදු වී ඇත.ඒත් ඒ කිසි දෙයකින් ක්‍රිකට් ජනතාවගේ යන්න නිශේධනය වන්නේ නැත.ඉනික්බිති උදාවන තත්පරයේ මේ මානයන් වෙනස් නොවන ලෙස ඉදිරියට ගලා යාම රටටත් ක්‍රිකට්වලටත් වැදගත් වනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍ය සී. බී. රත්නායක අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 02, කොළඹ LNW : අල්ලස් හෝ දූෂණ...

රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ සිටිය යුත්තේ ඇයි?

රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ සිටිය යුත්තේ ඇයි?

රු. ලක්ෂ 100ක මූල්‍යමය පරිත්‍යාගයක් ශ්‍රී ලංකා ඩාවුඩි බෝරා ප්‍රජාවගෙන්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 02, කොළඹ LNW : රට පත්වී තිබෙන...

ඝාතනයක් යැයි සැක කෙරෙන පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 02, කොළඹ LNW : බඩල්කුඹුර පොලිස වසමට...