ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW:ආපදා තත්ත්වය හමුවේ විදේශයන්හි සිට මෙරටට මානුෂීය ආධාර වශයෙන් ලබා දෙන භාණ්ඩ ට්වෙත තීරු බදු සහනයක් ලබා දීමට තීරණය කර තිබේ.
ඒ අනුව එම භාණ්ඩ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයාගේ හෝ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නමට එවන්නේ නම් ඒවාට තීරු බදු ගෙවීමකින් තොරව ඉතා ඉක්මණින් ඒවා නිෂ්කාශනය කරගැනීමේ පහසුව පවතින බව ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ක්ගොඩ මහතා පවසයි.
”අපි හැමවෙලාවෙම ඉල්ලා සිටින්නේ යම්කිසි කෙනෙක් විදේශයක සිට ලංකාවට ආධාර එවනවා නම් කරුණාකර ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් නමට නැත්නම් අධ්‍යක්ෂ ජනරාල් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය යන නමට එව්වොත් ඉතම පහසුවෙන් මේ තීරු බදු ගෙවීම අයින් කරලා අනෙකුත් බලපත්‍ර සීමා ලිහිල් කරලා භාණ්ඩ නිදහස් කරගැනීමේ හැකියාවක් තියෙනවා. අපි ඉල්ලා සිටිනවා කරුණාකරලා මේ භාණ්ඩ එවනකොට ඇතුලේ තියෙන භාණ්ඩවල විස්තරයක් සහ ඒවායේ ප්‍රමාණය සඳහන් කරලා ලියවිල්ලක්, ඉන්වොයිස් එකක් එවනවා නම් අපට ඉතාම පහසුයි. හැකිනම් ඔබට දැනෙන ලෙස ඒවායේ වටිනාකමත් ලියවිල්ලේ සඳහන් කරන්න කියල අපි ඉල්ලනවා. ඒ භාණ්ඩ භාරදුන් බවට ලියවිල්ල තිබුණා නම් ප්‍රමාණවත්. මේ ලියවිලි දෙක ඔබට පුළුවන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත ඒ භාණ්ඩ ලංකාවට ලැබෙන්න කලින් ඊමේල් හරහා එවන්න පුළුවන්” යනුවෙන් අරුක්ගොඩ මහතා සඳහන් කරයි.
