හැමෝටම සමෘද්ධිය දෙන්න අපට සල්ලි නෑ. නුසුදුස්සන් අයින් කරන්න වෙනවා – ජනපති රනිල්

Date:

සමෘද්ධි ප්‍රතිලාභ ලැබිය යුතු සියලු දෙනාටම සමෘද්ධිය ලබාදීමට නම් ඊට නුසුදුස්සන් එයින් ඉවත් කළයුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

“හැම කෙනාටම සමෘද්ධිය ලබාදෙන්න අපිට මුදල් නෑ . අපි ගන්න ඇතැම් තීරණ ජනප්‍රිය නොවෙන්න පුළුවන්.

පාර්ලිමේන්තුවට ශක්තිය තිබිය යුතුයි මේ වැඩ වැඩකටයුතු ඉදිරියට කරගෙන යන්න. සමෘද්ධියට අදාළ වැඩකටයුතු අපේ ඇමතිතුමා කරගෙන යනවා. සමෘද්ධිය හිමි විය යුතු විශාල කොටසක් සිටිනවා. ඇයි අපිට ඔවුන්ට සමෘද්ධිය ලබා දෙන්න බැරි. නුසුදුසු අය ඉවත් කළොත් සුදුසු අයට මේ ප්‍රතිලාභය ලබාදෙන්න පුළුවන්. සමහරුන් වසර 20-30ක් ඔය ලැයිස්තුවේ ඉන්නවා. ඒ නිසා පළමුවෙන්ම සුදුසු අය කවුද, අලුත් අය කොහොමද ඇතුලත් කරගන්නේ කියලා සොයා බැලිය යුතුයි.

සමහරු දේශපාලන කටයුත්තක් ලෙස ඒ දෙස බැලුවත්, සමෘද්ධිය ලබාගත යුතු අයට, පළමුව සමෘද්ධිය ලබාදිය යුතුයි. සුදුසුකම් නැති අය එතනින් ඉවත් කළ යුතුයි. සියලුදෙනාට මේ ප්‍රතිලාභය ලබාදිමට අපිට හැකියාවක් නැති බවත් ප්‍රකාශ කළ යුතුයි.

අපි මේ භාරගෙන තිබෙන්නේ අසීරු කටයුත්තක්. රටේ ආර්ථිකයයි, සමාජයයි හදන්න ගන්න තීරණ ජනප්‍රිය නොවෙන්න පුළුවන්. ඒත් ඒ වැඩකටයුතු කරගෙන යන්න පාර්ලිමේන්තුවට ශක්තිය තිබිය යුතුයි”

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (01) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බංගලාදේශයට යන අවුරුදු 17 න් පහළ කණ්ඩායමේ සුක්කානම රෙහාන් පීරිස් ට

නිශ්මං රණසිංහ නොවැම්බර් 22, කොළඹ LNW බංගලාදේශ සංචාරයට නම් කරන...

බංග්ලාදේශයට බලපෑ රික්ටර් මාපකයේ 5.5 ක ප්‍රභල භූ කම්පනයක් හේතුවෙන් පස් දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 22: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බංග්ලාදේශයේ ඩකා...

ආණ්ඩුවේ කුඩු ඇල්ලිල්ල සංදර්ශනයක්. මුන් 159ක් හිටියාට නීති හදන්නෙ නෑ. හුඟක් අය දැන් මගේ සිංදු අහන්නෙත් නෑ – සංගීත්

වත්මන් ආණ්ඩුවේ මත්ද්‍රව්‍ය වැටළීම් හුදු සංදර්ශනයක් පමණක් බවත් ඒවායි...

ශ්‍රී ලංකා පිතිකරුවොත් තරග විනිසුරුවෝත් අවසාන තරගයට පිවිසෙන්නට ශ්‍රී ලංකාවට තිබුණ ඉඩ අහුරති.

නිශ්මං රණසිංහ නොවැම්බර් 22, කොළඹ LNW නිශාන් මධුශ්ක,නුවනිඳු ප්‍රනාන්දු,සහන් ආරච්චිගේ,දුනිත්...