ආහාර නැතිකම ඉවසා ගනු නොහැකිව කාන්තාවක් දිවි නසාගෙන !

පවතින ආර්ථික දුෂ්කරතා හමුවේ ආහාර සපයා ගැනීමට නොහැකි වීමේ පීඩාව ඉවසාගත නොහැකිව කාන්තාවක් දිවි නසාගැනීමේ පුවතක් අරණායක ප්‍රදේශයෙන් වාර්තා වේ.

මෙසේ මියගොස් ඇත්තේ අරණායක පොලිස් වසමේ බොස්සැල්ල, කළුගල ප්‍රදේශයේ පදිංචිව සිටි 74 හැවිරිදි වයෝවෘධ කාන්තාවක් බව සඳහන්.

මෙම කාන්තාව සිය වයෝවෘධ සැමියා සමග ජීවත්ව ඇති අතර ඔවුන්ගේ එකම දියණිය රඹුක්කන ප්‍රදේශයේ පදිංචි බව සඳහන්.

මෙම කාන්තාවගේ සැමියා යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ආදියෙන් සුළු මුදලක් උපයමින් සිට ඇති නමුත් ඔහුට මෑතකදී ඇතිවූ රෝගී තත්වයක් හේතුවෙන් ඇවිදගැනීමට නොහැකිව යාමෙන් එම ආදායම් මාර්ගය ද අවහිර වී ඇත.

ඔවුන් දෙදෙනාට මාසිකව වැඩිහිටි දීමනාව ලෙස රුපියල් 1900ක් සහ ගොවි විශ්‍රාම වැටුප ලෙස රුපියල් 1950ක් වශයෙන් රුපියල් 3850ක් පමණක් ලැබී තිබේ.

පවතින මිල ගණන් අනුව ඒ මුදලින් ආහාර පාන සපයා ගැනීමට නොහැකි වීම නිසා එම කාන්තාව දින ගණනක් තිස්සේ සිත් තැවුලෙන් පසුවූ බව ඇයගේ සැමියා ප්‍රකාශ කර ඇති අතර ඇය ඊයේ (01) දිනයේදී නිවසේ තිබුණු විෂ දියරයක් පානය කර සිය දිවි නසාගෙන ඇති බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කිරිඳිවැලදී හමු වූ රු.මි 22.5ක ‘අයිස්’..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 03, කොළඹ LNW : කිරිඳිවැලදී රුපියල් මිලියන...

ආරණ්‍ය සේනාසනයක සැඟව සිටි ඥානසාර හිමි අත්අඩංගුවට !

අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම්...

සෞඛ්‍ය සේවය තවත් ශක්තිමත් කරමින් නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056කට පත්වීම්!

කොළඹ LNW:නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056 දෙනෙකු සඳහා...