*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 12/02

1. ෆිච් රේටින්ග්ස් (Fitch Ratings) ආයතනය විසින් ශ්‍රී ලංකාවේ දිගුකාලීන දේශීය-මුදල් ණය ශ්‍රේණිගත කිරීම “CCC” සිට “CC” දක්වා ශ්‍රේණි දෙකකින් පහත හෙළයි – ඉහළ පොලී පිරිවැය සහ දැඩි දේශීය මූල්‍යකරණ කොන්දේසි හමුවේ විය හැකි දේශීය මුදල් ණය පැහැර හැරීම හේතුකොට දක්වයි – විදේශ මුදල් ණය ශ්‍රේණිගත කිරීම ‘සීමිත ණය පැහැර හැරීම’ (RD) හෝ ‘ණය පැහැර හැරීමේ’ තත්ත්වයේ ඇත.

2. ශ්‍රී ලංකාව අධ්‍යාපනය සඳහා “කලාපීය කේන්ද්‍රස්ථානයක්” බවට පත් කළ හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරයි.

3. ආදායම් බදු වාර්තා ගොනු කිරීමේ කාලසීමාව නොවැම්බර් 30 වැනිදා සිට තවත් සතියකින් දීර්ඝ කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ප්‍රකාශ කරයි – එම කාලය තුළ කිසිදු දඩ මුදලක් අය නොකෙරේ.

4. 2023 දී සංචාරකයන් මිලියන 1.5 ක් ආකර්ෂණය කර ගැනීමට ශ්‍රී ලංකාව ඉලක්ක කරන බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ප්‍රකාශ කරයි – ගුවන් සමාගම් කිහිපයකින්ම ගුවන් ගමන් දිවයිනට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරයි – එසේම 2024 දී සංචාරකයන් මිලියන 3 ක් පමණ මෙරටට ළඟා කර ගැනීම සැබෑ අරමුණ බව ද පවසයි.

5. නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය සඳහා ගල් අඟුරු මිලදී ගැනීම සම්බන්ධයෙන් අර්බුදයක් මතුව ඇති බවට මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක ගෙන් ප්‍රකාශයක්! – 2023 අප්‍රේල් 30 ට පෙර ගල් අඟුරු නැව්ගත කිරීම් 38 ක් අවශ්‍ය බව පවසයි – නියමිත වේලාවට ගල් අඟුරු ප්‍රසම්පාදනය නොකළහොත් විදුලි කප්පාදුව දීර්ඝ විය හැකි බවට අනතුරු අඟවයි: ලංකා ගල් අඟුරු සමාගමට එම මිලදී ගැනීම් සඳහා ගෙවීමට ප්‍රමාණවත් මුදල් හෝ විදේශ විනිමය අරමුදල් නොමැති වීමේ අවදානම පවතී.

6. කොවිඩ් මත මරණයට පත් පුද්ගලයන්ගේ මෘතදේහ භූමදානය කිරීමට ඉඩ දිය හැකිව තිබූ මුත්, විශේෂඥයන්ගේ අදහස් මත එය සිදු නොකළ බවට විදේශ අමාත්‍ය අලි සබ්රි කළ ප්‍රකාශයට පරස්පර විරෝධී ප්‍රකාශයක් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මෙත්තිකා විතානගේ ප්‍රකාශ කරයි – මෙම ගැටලුවේදී පමණක් විශේෂඥ අදහස්වලට සවන් දුන් රජය අවෙකුත් ගැටළුවලදී විශේෂඥ මතයට සවන් නොදුන්නේ මන් ද යන්න ප්‍රශ්න කරයි.

7. විදුලිබල මණ්ඩලය විසින් විදුලි ගාස්තු සංශෝධනයක් ඉල්ලා නොමැති බවත්, මේ අවස්ථාවේ ගාස්තු සංශෝධනයක් අවශ්‍ය නොවන බවත් මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක ප්‍රකාශ කර සිටී.

8. කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට සිදුවන හිංසනය මුලිනුපුටා දැමීම සඳහා ක්‍රියාකාරීත්වය ප්‍රවර්ධනය කිරීමට පාර්ලිමේන්තුවේ කාන්තා මන්ත්‍රීවරුන්ගේ බල මණ්ඩලයේ සාමාජිකාවෝ පෙළ ගැසෙති – එවැනි ප්‍රචණ්ඩත්වයට එරෙහිව සටන් කිරීම සඳහා එක්සත් වන ලෙස රජයෙන් සහ අනෙකුත් සියලුම පාර්ශවකරුවන්ගෙන් ඉල්ලා සිටිති.

9. ත්‍රිවිධ හමුදාව අවම කරන්නේ නැති බවත්, නිවැරදි ප්‍රමාණයට පත් කරන බවත් ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ප්‍රකාශ කරයි.

10. තැන්පතු සඳහා එකිනෙකා සමඟ තරඟ නොකරන ලෙස මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ බැංකුවලින් ඉල්ලා සිටී – මහබැංකු වෙන්දේසිවල මාස 3ක භාණ්ඩාගාර බිල්පත් අද වන විට 33% ඉක්මවා ඇති පසුබිමක, සමහර බැංකු තැන්පතු සඳහා 30%ක් ලබා දෙන බවට මැසිවිලි නඟයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan