*
Friday, April 19, 2024
spot_img

Latest Posts

එංගලන්තයෙන් පකිස්තානයට බැට – ශ්‍රී ලංකාව නූලෙන් බේරෙයි

මේ දක්වා ටෙස්ට් තරගයක එක් දිනයක් තුළ වැඩිම ලකුණු ප්‍රමාණයක් ලැබීමේ වාර්තාව පවතින්නේ ශ්‍රී ලංකාවටය.ඔවුන් බංගලාදේශය සමඟ 2002 ජූලි 21 වන දා ඇරඹි ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේදී මේ හපන්කම සිඳු කර ඇත.පී.සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පළමු දිනය නිමා වන විට කිසිවෙකු නොදැවී ලකුණු 32 ලබා සිටි අතර දෙවන දිනය නිසාවෙන තෙක්ම පන්දුවට පහර දෙන ඔවුන් එදින දිනය නිමාවේ ඉණිම අත්හිටුවන විට කඩුලු 9 ට ලකුණු 541 ලබා ගෙන සිටියේය.ඒ අනුව ඔවුන් 2002 ජූලි 22 වන දින වාර්තා කරන ලද ලකුණු ප්‍රමාණය 509 කි.මේ ලකුණු ප්‍රමාණයට අරවින්ද සිල්වා දැක් වූ දායකත්වය ලකුණු 206 කි.ලකුණු 154 න් දායක වන්නට සනත් ජයසූරිය සමත් විය.
මේ ආසන්නයටම පැමිණි එංගලන්තය මේ වන විට ක්‍රියාත්මක එංගලන්ත පකිස්තාන ටෙස්ට් තරගයේ පළමු දිනය වූ දෙසැම්බර් පළමුවන දින නිමා වෙද්දි කඩුලු 4 ට ලකුණු 506 ක් ලබා ඇත.විශිෂ්ඨතාවය මැනිමේදී ක්‍රිකට් විචාරකයන්ගේ වැඩි අවධානයක් මේ මොහොතේ ක්‍රියාත්මක එංගලන්ත ඉණිම ඉහළින් තැබීමට යොමුවීම දැකිය හැකිය.ඊට සාධාරණ වූ හේතු නැතුවා ද නොවේ.ශ්‍රී ලංකාව එක් දිනයක දිගුවක් සේ පැමිණ ලැබූ 509 ලබා ගැනීමට පන්දු ඕවර් 104 ක් වැය කර තිබෙන බව දැකිය හැකිය.සමස්ත ලකුණු 541 සළකද්දී ශ්‍රී ලංකාවේ ඉණිමේ දළ ලකුණු වේගය 4.87 කි.ලකුණු 509 සඳහා දළ ලකුණු වේගය 4.89 කි.නමුත් එංගලන්තය මේ ලකුණු 506 සඳහා වැය කර ඇත්තේ පන්දු ඕවර් 75 ක් පමණි.එහි දළ ලකුණු වේගය පන්දු ඕවරයකට ලකුණු 6.74 කි.එය වේගවත්ම ටෙස්ට් ඉණිම සේ ගත හැකිය.
ආරම්භක පිතිකරුවන් වූ ෂැක් ක්‍රවුලි සහ බෙන් ඩකට් පන්දු ඕවර් 35.4 ක් තුළ ගොඩ නැඟූ සබඳතාවය ලකුණු 233 කි.එහි සාමාන්‍ය ලකුණු වේගය පන්දු ඕවරයකට 6.58 කි.ටෙස්ට් තරගවලදී ලකුණු 200 ඉක්ම වූ ආරම්භක කඩුල්ලේ සබඳතාවයන් ගත් විට එම සබඳතාවය සැළකෙන්නේ වේගවත්ම ආරම්භක කඩුල්ලේ සබඳතාවය ලෙස ය.ඒ නිසා ලකුණු ප්‍රමාණය මෙන්ම එංගලන්ත ඉණිම ශ්‍රී ලංකාවේ ලකුණු 506 හා සසඳද්ද අතිශයින් වේගවත් බව පිළිගන්නට සිඳු වේ.සරා පිටියේ දී ඉංගලාදේශයට වැදුණු අකුණු පහරවල්වලට වඩා පකිස්තානයේ රාවල්පිණ්ඩිවලට ම පැමිණ එංගලන්තය ගසන අකුණු පන්දු යවන්නන් විනාශ කරන සුළුය.
ඊයේ දිනය නිමා වන්නට යද්දි අන්තිම ඕවර් 10 දි පමණක් වාර්තා වූ ලකුණු ප්‍රමාණය 96 ක් විය.සාමාන්‍යයෙන් 20 /20 ලෝක සූරයන් වන එංගලන්තය එතරම් වේගයකින් එම තරගාවලියේදි ද ලකුණු ලැබුවේ නැත.ෂාහුඩ් ෂකිල් ගේ පන්දු ඕවරයකට එංගලන්ත පිතිකරු හැරී බෘක් සියලු පන්දුවලට හතරේ පහරවලින් සැළකිම පන්දු හයටම හයේ පහර එල්ල කිරීමටත් වඩා දුෂ්කර දුර්ලභ ක්‍රියාවක්ය.බෘක් දිනය නිමා විට පන්දු 15 න් ලකුණු 34 ක් ලබා සිටින නායක බෙන් ස්ටොක් සමඟ පස්වන කඩුල්ලට නොදැවුණු ලකුණු 44 ක් එක් කර ගෙන සිටියි.බෘක් මේ වන විට දක්වා ඇති දායකත්වය පන්දු 81 න් ලකුණු 101 කි.ඊයේ දවසට පකිස්තානයට එරෙහිව එංගලන්ත පිතිකරුවන් ශතක 4 ක් රැස් කර ඇත.බෘක් සමඟ එංගලන්තයෙන් මතු වූ ශතකලාභී පිතිකරුවන් අතර ආරම්භක පිතිකරුවන් දෙදෙනාම සිටියි.ක්‍රවුලි පන්දු 111 න් ලකුණු 122 කි.ඩකට් පන්දු 110 ක් තුළ ලකුණු 107 කි.ඔලී පෝප් ගේ ලකුණු 108 වාර්තා වී ඇත්තේ පන්දු 104 කි.ඒ අනුව ඩකට් හැරෙන්නට ඉතිරි තිදෙනාම පකිස්තානයට එරෙහිව ලකුණු ලබාගෙන ඇත්තේ ලකුණු ප්‍රමාණයට වඩා අඩු පන්දු ප්‍රමාණයකින්ය.
තව දුරටත් තරගයේ දෙවන දවස වන අද එංගලන්තය කුමන විස්කමක් පානුඇද්දැයි කියන්නට නොහැකිය.පළමු දිනයේ මෙන්ම සැහැල්ලුවෙන් සහ විශ්වාසයෙන් පන්දුවට පහර දුන්නොත් සමහර විට ශ්‍රී ලංකාවට වැඩිම ලකුණු සහිත ටෙස්ට් ඉණිම වන ලකුණු 952 ටෙස්ට් ලකුණු වාර්තාව වුව ද අහිමි වන්නට හැකිය.
පහතින් ඇත්තේ තරගයේ ලකුණු විස්තරයට පිවිසෙන මඟය. https://www.espncricinfo.com/series/icc-world-test-championship-2022-23-2025-1345943/pakistan-vs-england-1st-test-1330871/full-scorecard

ඡායාරූපයේ දැක්වෙන්නේ ඊයේ දිනය නිමාවේ බෘක් සහ ස්ටොක් ක්‍රීඩාගාරයට පැමිණෙන අයුරුය.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan