වැඩබලන පොලිස්පති ශ්‍රී දළදා සමිඳුන් වැඳ පුදාගනී!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අද (02) පෙරවරුවේ, වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ශ්‍රී දළදා සමිඳුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබාගෙන ඇති බව සඳහන් වේ.

මහනුවර ශ්‍රී දළදා මාළිගාව වෙත ගිය දේශබන්දු තෙන්නකෝන් මහතා, දියවඩන නිලමේතුමා විසින් පිළිගත් අතර අනතුරුව ඔහු දළදා සමිඳුන් වැඳ පුදාගෙන ඇත.

අනතුරුව, මල්වතු පාර්ශ්වයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනායක හිමියන් හා එම පාර්ශ්වයේ අනුනායක දිඹුල්කුඹුරේ විමලධම්ම අනුනායක හිමියන් ද බැහැ දැක ආශිර්වාද ලබාගෙන ඇති බව සඳහන් වේ.

අනතුරුව අස්ගිරි මහා විහාරයට ගොස් අස්ගිරි පාර්ශ්වයේ මහ නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහනායක හිමියන් ද බැහැ දැක වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ආශිර්වාද ලබාගෙන ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනපති හමු වූ අභිනව පොලිස්පති!

රෂිකා හෙන්නායක අගෝස්තු 15 කොලඹ LNW: අද (15) පස්වරුවේ ජනාධිපති...

පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් කොළඹදී විරෝධතාවක්!

කොළඹ LNW: පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් (15) කොළඹදී විරෝධතාවක්...

ආර්ථික වර්ධනය ගැන මහ බැංකුවෙන් අනාවරණයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 15, කොළඹ LNW: 2025 වසරේදී 4.5%කින් පමණ...

යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් සාකච්ජා සඳහා පුටින් හමුවීමට ඩොනල්ඩ් ට්‍රම්ප් ඇලස්කාව බලා පියාසර කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 15: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය සම්බන්ධයෙන්...