රසාංජනගෙන් සියලු පිතිකරු රස පිරුණු අර්ධ ශතකයක්

Date:

සටහන – නිශ්මං රණසිංහ
(LNW) කොළඹ :

සිය අනෙක් අන්තයේ පිතිකරුවා රැක ගනිමින්,ඉවසීමෙන් සහ සැළසුම් සහගතව ගොඩ නැඟූ සංවිධානාත්මක ඉණිමක් හරහා වටිනා ලකුණු 51 ලබා ගනිමින් අවුරුදු 17 න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ඉණිම කඩුලු 8 ට ලකුණු 285 දක්වා ඉහළ නංවන්නට සමත් විය.රත්ගම දේවපතිරාජයෙන් ක්‍රිකට් පිටියට දායක වන තවත් වටිනා බලාපොරොත්තුවක් වන රසාංජනගේ ඉණිමෙන් ලකුණු 285 දක්වා ඉදිරියට පැමිණි ශ්‍රී ලංකා අවුරුදු 17 න් පහළ කණ්ඩායම තම පළමු ඉණිම අත්හිටුවා, සිය පළමු ඉණිමට පන්දුවට පහර දෙන බංගලාදේශ කණ්ඩායමේ කඩුලු 9 ක් ම ලකුණු 239 ට දවා ගනිමින් තරගයේ දෙවන දින නිමාවට පත් කළේය.


බංගලාදේශ කණ්ඩායම වෙනුවෙන් ඇඩ්රිටෝ ගෝස් සුපිරි ඉණිමක් දියත් කරමින් ලකුණු 114 ක් ලබා දිනය නිමා වන විටත් නොදැවී කඩුල්ලේ සිටින අතර සමස්ත බංගලාදේශ ඉණිමම ඔහු තනිව සිය උරමත තබා ගෙන ගිය එකක් විණි.වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට එක්ව සිටින රසිත් නිම්සර ශ්‍රී ලංකා කණ්ඩායමේ පලදායීම පන්දු යවන්නා වූ අතර ඔහු දිනය නිමා වන විට ලකුණු 36 ට කඩුලු 4 ක් දවා ගෙන සිටියේය.

පන්දුවෙන් දස්කම් දැක් වූ රසිත්


තරගයේ අවසාන දිනය අද ය.අද උදෑසනම අවසාන කඩුල්ල බිඳ දමා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වුවහොත් සහ දෙවන ඉණිම වේගවත්ව ක්‍රිඩා කර ලකුණු 200 ක පමණ ඉලක්කයක් ලබා දීමට සමත් වුවහොත්,ජය පරාජය වෙනුවට ඒ මොහොත මැනවින් කළමනාකරණය කරන කණ්ඩායමට ජය ගැනීමට ඉඩ ලැබෙනු ඇත.

http://www.sportwaynews.com

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මර්වින්ට එරෙහි නඩු විභාගය ඇරඹේ. තමන් නිවැරදිකරු බව මර්වින් කියයි

සටහන - රුවන් නෙළුගොල්ල 2010 වසරේ මාර්තු මස 31 වනදා...

මීටියාගොඩ වෙඩිතැබීමක්. කාන්තාවක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල මීටියාගොඩ, කිරලගහවෙල හන්දියේ පිහිටි අවන්හලක් අසල...

නැඟි එන්නන් අතර ශ්‍රී ලංකාවේ පළමු ජය වාර්තා වෙයි.

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: නැඟී එන ආසියානු තරගාවලියේ...

21 විපක්ෂයේ ජන හඬට එරෙහිව කොළඹදී දැවැන්ත විරෝධයක්!

කොළඹ LNW:එළඹෙන 21 වැනිදා නුගේගොඩදී විපක්ෂය විසින් සංවිධානය කරනු...