හර්ෂට ලොකු තනතුරක් දෙන්න ගෑස් සිලින්ඩරේ සාකච්ඡාවක් !

Date:

10 වැනි පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ සභාපති ධුරය සඳහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ නම යෝජනා කිරීමට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ (ගෑස් සිලින්ඩරය) තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒ, ඊයේ (නොවැම්බර් 02) කොළඹ මල්පාරේ පිහිටි එම පක්ෂ කාර්යාලයේදී පැවති සාකච්ඡාවකදී ය.

ඊට එක්සත් ජාතික පක්ෂය ඇතුළු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නියෝජනය කරන දේශපාලන පක්ෂවල එකඟතාව පළ වී ඇති බව සඳහන්.

ඒ අනුව, අද (දෙසැම්බර් 03) පාර්ලිමේන්තු රැස්වීමේදී එම යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිත බවත් වාර්තා විය.

ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මීට පෙර අවස්ථා දෙකකදී මුදල් කාරක සභාවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...