රෂිකා හෙන්නායක දෙසැම්බර්03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
ඊශ්‍රායල හමුදා ලෙබනනයට එල්ල කළ ප්‍රහාරවලින් 11 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ සටන් විරාමය අතරතුර වීම විශේෂත්වයකි.
ඊශ්‍රායල හමුදා සහ හිස්බුල්ලා සටන්කාමීන් අතර ලෙබනනයේ දරුණු ගැටුම් හට ගෙන තිබෙන අතර, දකුණු ලෙබනනයේ පැවති ගැටුම් අතරතුර 11 දෙනෙකු මෙලෙස මිය ගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි,
මේ අතර ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ ඛාන් යුනිස් ප්‍රදේශයේ පලස්තීනුවන්ට බලහත්කාරයෙන් ඉවත් වන ලෙසට නියෝග ද නිකුත් කර තිබෙන අතර, ඒ මධ්‍යම හා උතුරු ගාසා තීරයට එල්ල කළ ප්‍රහාරවලින් 9 දෙනෙකු මිය යාමත් සමගයි.
පසුගිය වසරේ ඔක්තෝබර් 7 වනදා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාරවලින් පලස්තීන ජාතිකයන් 44466 දෙනෙකු මිය ගොස් තිබෙන අතර, එමෙන්ම ලෙබනනයේ මිය ගිය සංඛ්‍යාව 3961ක් වේ.