කියපු දේවල් කරන්න දැන් කාලය හරි – විපක්ෂ නායක

Date:

කොළඹ LNW:ආණ්ඩුව මැතිවරණ වේදිකාවල කියූ දේවල් කිරීමට කාලය එළැඹ ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේය.

එසේ ක්‍රියාත්මක කරන දේවල් ජනතාවාදී ජනතාවට හිතකර දේවල් නම් ඒ සඳහා විපක්ෂයේ සහයෝගය හිමිවන බවත් රටට සුබවාදී රටටත් ජනතාවටත් වැදගත් වැඩසටහන්වලට පුර්ණ සහයෝගය දෙනවා සේම රටට අහිතකර වැඩසටහන්වලට විරුද්ධ වී එහි අඩුපාඩු පෙන්වා වී විකල්ප වැඩසටහන් ඉදිරිපත් කිරිම තම ප්‍රතිපත්තිය බවත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

ඔහු මේ බව කියා සිටියේ අද (03)පාර්ලිමේන්තුවේදී සභාව අමතමිනි.

වත්මන් රජය මැතිවරණ වේදිකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්පූර්ණයෙන්ම ඉවත් කරනවා බව කිව්වද එම පනත උපයෝගී කර ගෙන භාෂණයේ නිදහස මාධ්‍ය නිදහස හා පුරවැසි නිදහස අහිමි කර ඇති බවයි ප්‍රේමදාස මහතා කියාසිටියේ.

ත්‍රස්තවාදය වැළැක්විමේ පනත උපයෝගී කර ගෙන මාධ්‍ය දඩයමක නිරත වීම සාධාරණ නොවන අතර විශාල ජනවරමක් ලබා ගැනීමේ දී සමාජ මාධ්‍ය ක්ෂේත්‍රයේ සහායක් රජයට ලැබුණත් මේ මොහොත වන විට ඉවත් කරනවා කියූ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත උපයෝගී කර ගෙන සමාජ මාධ්‍යවල ක්‍රියාකාරීන් ව දඩයම් කරන බවත් හෙතෙම පෙන්වාදුන්නේය.

කියන දේ කරන ආණ්ඩුවක් නම් මේ මර්දනය නතර කළ යුතු බවත් ආණ්ඩුව ඉවත් කරනවා යැයි කියූ ත්‍රස්ත විරෝධී පනත යටතේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගත්තත් එම අත්අඩංගුවට ගැනීම ත්‍රස්ත විරෝධි පනත යටතේ සිදු කළ නොහැකි බවට ගරු විනිසුරුවන් පවා කියා ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහනුවර යළි පෙරමුණට

නිශ්මං රණසිංහ පෙබරවාරි 02, කොළඹ LNW: රගර් උණුසුම තදින් දැණුන...

කොස්ටරිකාවේ ජනාධිපතිවරණයෙන් Laura Fernandezට ජයග්‍රහණය…

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2026 වසරේ කොස්ටරිකා...

Browns EV නවතම BAW M8 සුපිරි MPV රථය සුවිශේෂී මිලකට ශ්‍රී ලංකාවේ වෙළඳපොලට හඳුන්වා දෙයි !

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ව්‍යාපාර සමූහයක් වන LOLC සමූහය යටතේ...