අගමැතිගේ සහතිකය!

Date:

කොළඹ LNW:වත්මන් ආණ්ඩුව තුළ ජාතිවාදයට කිසිම ඉඩක් නොමැති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අද (03) පාර්ලිමේන්තුව සභාව අමතමින් අවධාරණය කළාය.

නව දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් ජනතාව සිය පරමාධිපත්‍ය බලය හරහා ලබා දී තිබෙන පණිවිඩය හරිහැටි තේරුම් ගත යුතුව ඇති බවයි අගමැතිවරිය සඳහන් කළේ.

”මේ රටේ ජනතාව ඔවුන් සතුව ඇති පරමාධිපත්‍ය බලය තුළින් මේ රට තුළ මෙතෙක් කාලයක් ආණ්ඩුකරණය කරපු ඒ සම්ප්‍රදායික ප්‍රභූ දේශපාලනික තන්ත්‍රය ප්‍රතික්ෂේප කරලා අලුත් දේශපාලන සංස්කෘතියක අවශ්‍යතාව පිළිබඳ පැහැදිලි පණිවිඩයක් නිකුත් කරලා තියෙනවා. මේ පණිවිඩය අපි හරිහැටි තේරුම් ගැනීම අතිශය වැදගත් කියල අපි යෝජනා කරනවා. දුෂණය කියන එක ඉහළ ලෙස ආණ්ඩුකරණයට බලපාපු විදිහ මේ රටේ අපි සියලු දෙනාම දැකල තියෙනවා.අත්විඳලා තියෙනවා. 2024 සැප්තැම්බර් මස 21 වැනිදා ඒ ජනවරම තුළින් ජනතාව ඉතාම පැහැදිලිව කියල තියෙනවා එවැනි දුෂිත,බලය අනිසි ලෙස පාවිච්චි කරන දේශපාලන සංස්කෘතිය මේ රටේ ජනතාව තරයේ ප්‍රතික්ෂේප කරන බව ඔවුන් ඉතාමත් බලවත් පණිවිඩයක් අපි සියලු දෙනාටම නිකුත් කරලා තියෙනවා. ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය, ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කිරීම තුළ ගැබ්වෙලා තියෙන්නේ මෙවැනි පරිවර්තනයක් වෙනුවෙන් පත්වුණු ආණ්ඩුවක් තුළ තිබිය යුතු වගකීමත්.ඒ වගකීම අපි භාරගත යුතු විදිහත් පිළිබඳ අන්තර්ගතය ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ තිබෙනවා. අපේ බලාපොරොත්තුව වෙලා තියෙන ඒ විශ්වාසය රැකගැනීමේ වගකීම අපි සියලුදෙනාටම තියෙනවා. ඒ නිසා අපේ ආණ්ඩුව කිසිසේත්ම ජාතිවාදයට ඉඩ නොතියන බව අවධාරණය කර කියා සිටිනවා. විශේෂයෙන්ම මේ දේශපාලන පරිවර්තනය හරහා පරාජය වූ යම් කණ්ඩායම් නැවත වතාවක් ජාතිවාදය මේ රට තුළ අවුස්සගෙන තමන්ගේ දේශපාලන අවශ්‍යතාව වෙනුවෙන් ගන්නා සියලුම උත්සහ පරාජය කිරීමට අපි ගත යුතු සියලුම ක්‍රියාමාර්ග ගන්නා බව අපි තරයේ කියාසිටිනවා. මේ රටේ සියලුම ජනතාව එකතු කරමින් මේ රටේ සියලුම ජනතාව නියෝජනය කරන්න ඓතිහාසික අවස්ථාවක් අපිට ලැබිල තියෙනවා. ඒ අවස්ථාව අපි කිසිසේත්ම මඟහරින්නේ නැහැ කියන එක හොඳින් මතක තබාගත යුතුයි.” යනුවෙන් අග්‍රමාත්‍යවරිය අවධාරණය කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesday: Pasta ඩිෂ් එකක් හොය හොය හිටිය අයට! Creamy Garlic Parmesan Pasta!

සෑම අඟහරුවාදා දිනකම “Tasty Tuesdays” තුළින් ඔබට ආහාර පාන,...

නූතනත්වය අසමත්වන තැන ඉතිහාසය…

මට උනත් බැලූ බැල්මට කිසිම අදහසක් ගන්න බැහැ දැන්...