සුළිකුණාටු ව්‍යසනය හමුවේ ආණ්ඩුවේ අනාගතය ….

Date:

ඉතිහාසයේ දුර්වලම ආපදා කළමණාකරනය තියෙන්නෙ මේ ආන්ඩුව යටතේ. හේතුව විකල්ප යුටෝපියානු ස්වර්ග රාජ්‍යයක් පොරොන්දු වෙමින් යථාර්තයේ තිබූ ආන්ඩු විවේචනය කලා මිස ජ.වි.පෙ.ට කිසිදු දේශපාලන ආර්ථික විද්‍යාත්මක ප්‍රායෝගික දැක්මක් නොතිබීමයි..

ජ.වි.පෙ. විසින් ආන්ඩුව සාදාගැනීම වස් මාළිමාව හරහා පිටින් වඩම්මවා ගත් පිරිසද ඔවුන්ටම ගැලපෙන මධ්‍යම පංතියේ පහල සංස්කෘතීන් සහ පහල ආර්ථික සංකල්ප තුල සිරවූ චූටි ජීවීහූ පිරිසකි..

ස්වභාවික සහ ආර්ථික දේශපාලන ගෝලීය ව්‍යසන කලින් හඳුනාගැනීමේ සහ ව්‍යසනය තුලදී ගතයුතු ක්ෂනික ක්‍රියාමාර්ග, පශ්චාත් ව්‍යසන සමයේ ගතයුතු දිගුකාලීන ක්‍රියාමාර්ග පිළිබඳ සබුද්ධික ධාරිතාවයක් මේ ආන්ඩුවට ඇති බවක් නොපෙනේ..

ව්‍යසනයෙන් පසු ඇතිවීමට නියමිත ආර්ථික අර්බූදයෙන් ගොඩ ඒමට නම් රටපුරා කැඩීබිඳී සහ ගිලාබැස සහ විනාශවී ඇති මංමාවත් දුම්රිය මාර්ග, ගොඩනැගිලි යථාතත්වයට පත්කිරීම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙන්වීම සඳහා විශාල ඩොලර් ප්‍රමානයක් රාජ්‍යයට අවශ්‍යවේ..

IMF එකෙන් නියම කළ සංචිත ඉලක්ක වර්ධනය කරගැනීමට නොහැකි සන්දර්භය තුල අමතර් ඩොලර් ඉපයීමද හුදු සිහිනයක් පමණි..

ටී.බී. සරත්, සුනිල් හඳුන්නෙත්ති වැන්නවුන්ගේ ප්‍රකාශවලට අනුව අමතර ඩොලර් ඉපයීම ගැන තබා තත්වයේ බරපතලකම ගැන හෝ අවබෝධයක්වත් ඔවුන්ට ඇද්දැයිද සැකසහිතය..

උක්ත යටිතල පහසුකම් බිඳවැටීම් පුනරුත්ථාපනයට ප්‍රායෝගික වැඩපිලිවෙලක් ආන්ඩුවට නැත්නම් රටේ ප්‍රධානම ආදායම් මාර්ගයක් වූ සංචාරක කර්මාන්තයට මෙන්ම අනෙකුත් ආදායම් මාර්ග ටිකටද කෙළවේ..

පොදුවේ ගත් කල එදා ගෝඨාබය මුහුන දුන් පශ්චාත් කෝරෝනා සමයේ ඇතිවූ ආර්ථික අවපාතයට සමාන ආර්ථිකයක අවපාතයකට මාළිමා ආන්ඩුවද පශ්චාත් ව්‍යාසන සමය තුල මුහුණදීමට නියමිත්ව ඇත..

මේ අතර අර්බූදයේ දිග පළල ගැඹුර නොදන්නා ෆේස්බුක් මාළිමා ප්‍රචාරකයින් “දැන් ඇත්තේ නිවැරදිම ආපදා කලමනාකරනය” බව පවසමින් බාල ප්‍රචාරක වැඩසටහනක් රැගෙන යනු පෙනේ ..

මේ ප්‍රලාපවලින් මිනිසුන් සිනහ ගැන්නුවාට නම් ගැටලුවක් නැත.. හැබැයි මේ ප්‍රලාපවලින් මිනිසුන් කෝපගැන්වෙන්නේ නම් එය එච්චර හොඳ තත්වයක් නොවේ..

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තවත් ද්විත්ත්ව ඝාතනයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 04, කොළඹ LNW: නොරොච්චෝලේ පොලිස් වසමේ නාවක්කාඩුව...

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75 පමණ තරමක් තද වැසි – අද (04) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 04) දිනයේදී උතුරු, උතුරු-මැද,...

පැලවත්තෙන් බලය ඉවත්කර යළි පාර්ලිමේන්තුවට බලය ලබාගත යුතුයි – අර්බුදයෙන් ගොඩ එන හැටි රනිල් පියවරෙන් පියවර කියයි

පාර්ලිමේන්තුව නොතකා ජනතා විමුක්ති පෙරමුණේ පැලවත්ත මූලස්ථානය විසින් රාජ්‍ය...

දකුණු කොරියානු ජනාධිපති උතුරු කොරියානු ජනාධිපතිවරයාගෙන් සමාව අයදින ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් මස 05: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) :...