අසරණ ජනතාව තවත් අසරණ කරන අසාධාරණ බස්‍ ගාස්තු මාෆියාව!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 03, කොළඹ LNW :

රටම ආපදාවට ගොඳුරු වී සිටින මෙම අවස්ථාවේ , අසරණ වූ ජනතාවගෙන් අසාධාරණ ලෙස බස් ගාස්තු අය කිරීමක් පිළිබද වාර්තා වේ.


ඒ අනුව, නුවරඑලියේ සිට කොළඹ දක්වා වලංගු බලපත්‍රයක් නොමැතිව මගියෙකුගෙන් රු.2000ක මුදලක් අය කර ධාවනය කල බස් රථයේ රියදුරා සහ කොන්දොස්තරවරයා අධිකරණ හමුවට ඉදිරිපත් කිරිමට පියවර ගෙන ඇති බව මධ්‍යම පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියේ නිළධාරිවරයෙකු පවසයි.

ඉකුත් (02) දින නුවරඑළියේ සිට හැටන් හරහා කොළඹ දක්වා ධාවනය වු එම පෞද්ගලික බස් රථය ගමන් ගත් එක් මගියෙකුගෙන් රු.2000සිට රු.4000දක්වා විවිධ මිල ගනන් අය කරමින් බස් රථය ධාවනය කර ඇති බවත්, එම බස් රථයේ රියදුරා බීමත්ව බස් රථය ධාවනය කරන බවට සැක සිතුනු එම බස් රථයේ ගමන් ගත් මගීන් කිහිප දෙනෙකු වටවල ප්‍රදේශයේදි බස් රථයෙන් බැස හැටන් සිට කොළඹ දක්වා ධාවනය වූ වෙනත් බස් රථවලින් පිටව ගොස් තිබෙන බවද වාර්තා වේ.

එම බස් රථයේ වැඩිපුර මුදල් අය කරමින් බස් රථය කොළඹ දක්වා ධාවනය කරන බවට මධ්‍යම පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියේ සභාපතිවරයාට බස් රථයේ ගමන් ගත් මගියෙකු විසින් දුරකථනයෙන් කල පැමිණිල්ලක් මත වහා ක්‍රියාත්මක වූ මධ්‍යම පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියේ සභාපතිවරයා ඒ පිලිබදව බැස්ටියන් මාවතේ පිහිටි බස්නාහිර පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියේ නිළධාරින්ට දැනුම් දී බස් රථය රියදුරා සහ කොන්දොස්තරවරයාට එරෙහිව නීතිමය පියවර ගෙන තිබෙන බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටු වාර්තාව(දෙසැම්බර් 02 දින රාත්‍රිය වන විට)

🛑 වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 86 🛑 තුවාලකරුවන් සංඛ්‍යාව...

බංගලාදේශයෙන් ආ ආධාර!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 03, කොළඹ LNW : අද දින(03) පස්වරුවේ...

දවස් දෙකයි – බදුල්ලේ විනාශ වූ මාර්ග 165න් 111ක් අලුත්වැඩියා කර අවසන්!

කොළඹ LNW:අයහපත් කාලගුණ තත්ත්වය මත ඇති වූ ආපදා හේතුවෙන්...

මේ අයවැය එපා. අලුත් එකක් ගෙන්න – සජිත් කියයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:විපතට පත් ජනතාවට සහන දීම සඳහා පවතින...