*
Wednesday, April 24, 2024
spot_img

Latest Posts

ආසියාවෙන් කොරියාවත් සුපිරි දහසයට

ලෝක කුසලාන තරගාවලියේ සුපිරි දහසය වටයට පිවිසීම සඳහා සුදුසුකම් ලබන අවසාන කණ්ඩායම් හතර හැටියට බ්‍රසීලය,පෘතුගාලය,දකුණු කොරියාව සහ ස්විට්සර්ලන්තය ඊයෙ සුදුසුකම් ලබා ගත්තා.ඒ ඊයෙ ජී සහ එච් කාණ්ඩවල මූලික වටයේ තරග නිමාවට පත්වීමත් සමඟයි.
එච් කාණ්ඩයේ තරගවලදී ප්‍රබල උරගුවේ කණ්ඩායම 2 – 0 ක් සේ වැඩි දෙනෙක්ගේ අවධානයට ලක් වූ ඝානාව පරාජය කරමින් දස්කම් අතරට ආවත්,අනෙක් තරගයේදී ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ බලකාය වන පෘතුගාය දකුණු කොරියාව හමුවේ පරාජය ලැබීමෙන් උරුගුවේ ඉදිරි ගමනට තිරිංග වැටුණා.ඒ නිසා මෙවර සුපිරි 16 වටයට නො”පිවිස ගෙදර යන කණ්ඩායම් අතරට උරුගුවේද එක් වනු ඇති.
කොරියාව සහ උරුගුවේ සම ජයග්‍රහණ,සම පරාජ සහ සම තීරණය නොවිසඳුණු තරග සේ 1- 1- 1 සේ සිටිය ද,උරුගුවේ කණ්ඩායම මේ තරගාවලියේදී ගෝල් ලබා ගැනීම ඇරඹුවේ ඝානාව පරාජය කරද්දීයි.ඒ දක්වා පැරුදුණ තරගයේදී මෙන්ම ජය පරාජයෙන් තොරව කෙළවර කර ගත් තරගයේදී ද උරුගුවේ ගෝලලබා ගැනීමට අපොහොසත් වුණා.ඒ අනුව ගෝල 2 ක් රැස් කර ගෝල දෙකක් ලබා දී සිටි උරගුවේ කණ්ඩායමට වඩා කොරියාව පෘතුගාලය පරාජය කරමින් ලද ගෝල 2 – 1 ජයත් සමඟ ගෝල 4 ක් එකතු කරගෙන උරුගුවේ අභිබවා සිටියා.
එසේම බ්‍රසීලය ජී කාණ්ඩයේ පළමු තැනට පැමිණිය ද,පළමු වටය අවසන් කළේ කැමරුන් කන්ඩායම ඉදිරියේ පරාජය ලබමින්.බ්‍රසීලය ඊයේ තරගයට ආබාධය සුවව තිබුණත් නේමාර් කැඳවා තිබුණේ නැහැ.එසේම රිචර්ලිසන්,කැස්මිරෝ පමණක් නොව නායත තයාගෝ සිල්වා ත් සහභාගි වුණේ නැහැ.පැහැදිළිවම ඒ වන විටත් සුපිරි 16 වටයට තෙරී සිටීම නිසා බ්‍රසීලය,කැමරුන් තරගයේ ජය ගැන වැඩි අවධානයක් යොමු නොකළ බවක් දකින්නට ලැබුණා.
අවසාන තරග දෙකේදීම සර්බියාවේ ප්‍රහාරක බල ඇනිය සාර්ථක බව පෙන්නුවද ඔවුන්ගේ ආරක්ෂක පෙළට ප්‍රතිවාදී ආක්‍රමණය දරා ගැනීම දුෂ්කර බව ද පෙණුනා.ඒ නිසා ඔවුන් ප්‍රතිවාදින්ට එරෙහිව ගෝල පහක් රැස් කරද්දී ඔවුන්ට එරෙහිව ගෝල අටක් වාර්තා වී තිබුණා.අවසාන මූලික වටයේ තරගයේදී ද ස්ර්බියාව ගෝල 2 ක් රැස් කළද ස්විට්සර්ලන්තය ගෝල 3 ක් ලබමින් ජය ගත්තා.ඒ ජයග්‍රහණය නිසා බ්‍රසීලය සමඟ එච් කාණ්ඩයෙන් සුපිරි 16 වටයටයන දෙවන කණ්ඩායම බවට ස්විට්සර්ලන්තය පත් වුණා.
එම ප්‍රතිපලවලට අනුව සුපිරි 16 වටයේදී දෙසැම්බර් 6 වන දා බ්‍රසීලයට දකුණු කොරියාවත්,පෘතුගාලයට ස්ව්ට්ස්ර්ලන්තයත් හමු වන්නට නියමිතය.උරගුවේ සතු ආවේගාත්මක ක්‍රීඩකයෙක් වන ලුයිස් සුවාරේස් සිය කණ්ඩායමට සුපිරි 16 වටය අහිමි විම ගැන හොඳ අදහසක නොසිටියේය.ඔහු පැවසුවේ ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය උරගුවේ කණ්ඩායමට වෙනස් ආකාරයකට සළකන බවය.ඔහු පැවසුවේ ප්‍රංශ ක්‍රීඩකයෙක්ට සිය දරුවා බංකුවේ තබා ගන්නට දුන් අවස්ථාව තාත්තා කෙනෙක් හැටියට තමන්ට නොඳුන් බව ය.35 හැවිරිදි සුවාරේස් මෙවර සහභාගි වන්නට ඇත්තේ ඔහුගේ අවසාන ලෝක කුසලාන තරගාවලිය විය හැකියි.ඊයේ ද ඔහු කහකාඩ් අවවාදයකට ලක් විය.මේ සමඟ ඇත්තේ සුවාරෙස් ඇතුළු උරුගුවේ ක්‍රීඩකයින් විනිසුරු සමඟ තියුණු අදහස් හුවමාරුවකට මැදි වූ අවස්ථාවන්ය.



RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan