මත්පැන් හල් දවසේ පැය 24 ම විවෘතව තැබිය යුතුයි: ඩයනා

Date:

ශ්‍රී ලංකාව තුළ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට නම් මත්පැන් හල්, හෝටල් සහ කඩ සාප්පු දවසේ පැය 24 පුරාම විවෘතව තැබීමට ඉඩ ලබා දිය යුතු බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පවසයි.

ඒ මහත්මිය මේ බව පැවසුවේ ඊයේ (02) දින පාර්ලිමේන්තුව අමතමිනි.

මෙමඟින් සංචාරක කර්මාන්තය හරහා උපරිම ආදායමක් ජනිත කරවීමට හැකිවනු ඇති බව ඒ මහත්මිය පවසා සිටියාය.

කඩ සාප්පු, අවන්හල් සහ මත්පැන් හල් රාත්‍රී 10.30 න් පසු වසා දමන්නේ නම්, සංචාරක කර්මාන්තයේ සංවර්ධනයක් අපේක්ෂා කළ නොහැකි බයත්, රාත්‍රී ආර්ථිකයක් නොමැති තැනක ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් මුදල් යොදවනු ඇතැයි අපේක්ෂා කළ නොහැකි බව ද ඒ මහත්මිය අවධාරණය කළාය.

එමෙන්ම, ගුවන් තොටුපළට පැමිණි විගස, සංචාරකයලන්ට වනජීවී උද්‍යාන සහ වෙනත් ස්ථාන නැරඹීමට පෙර වෙන්කරවාගත් ගෙවීම් කළ හැකි ක්‍රමවේදයක් ස්ථාපිත කිරීම ද වැදගත් බව සංචාරක රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළාය.

වැඩි කාලයක් ගතවීමට පෙර මෙම වෙනස්කම් සිදුවනු ඇති බව ඒ මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...