*
Saturday, April 20, 2024
spot_img

Latest Posts

ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්තිය සඳහා යුරෝ 450,000ක් ප්‍රංශයෙන්!

ප්‍රංශ සංවර්ධන නියෝජිතායතනය (AFD) ලංකා විදුලිබල මණ්ඩලය (CEB) සහ Electricité de France (ප්‍රංශ විදුලි උපයෝගිතා) සමඟ එක්ව ශ්‍රී ලංකාවේ බලශක්ති අර්බුදයේ වැඩිවන පුනර්ජනනීය බලශක්ති කොටසට සහාය වීම සඳහා යුරෝ 450,000 ක ප්‍රදානය කළ ගිවිසුමක් අත්සන් කළේ ය.

ප්‍රංශ සංවර්ධන නියෝජිතායතනයේ අධ්‍යක්ෂ රෙඩා සෞර්ගි මහතා, ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති නලින්ද ඉලංගකෝන් මහතා සහ EDF මධ්‍යස්ථානයේ ප්‍රවාහන පද්ධති ඉංජිනේරු නියෝජිතයින් එක්ව ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති Jean-François Pactet මහතා ඉදිරියේ මෙම ගිවිසුමට අත්සන් තබන ලදී.

පවතින ආර්ථික අර්බුදය නොතකා, 2030 වන විට පුනර්ජනනීය බලශක්ති අර්බුදය සියයට 70 ක වර්ධනයක් කරා ගෙන යාමට ශ්‍රී ලංකාව දරණ වෑයමට ප්‍රංශය අඛණ්ඩව සහාය ලබා දෙන බව ද ප්‍රකාශ කරයි.

සම්ප්‍රේෂණ මාර්ග ව්‍යාපෘති සඳහා ප්‍රසම්පාදන ප්‍රශස්තකරණයේ සිට බලශක්ති උත්පාදනය සහ සම්ප්‍රේෂණයේ ආකෘතිකරණ හැකියාව දක්වා පුනර්ජනනීය බලශක්තිය ඒකාබද්ධ කිරීමේ විදුලිබල මණ්ඩලයේ ධාරිතාවයන් වැඩි දියුණු කිරීම මෙම සහයෝගීතාවයේ අරමුණයි.

මෙම වැඩසටහන දිගුකාලීන දැනුම හුවමාරුවක ප්‍රතිඵලයක් බවත්, දේශගුණික විපර්යාසයන්ට එරෙහිව සටන් කිරීම සඳහා ශ්‍රී ලංකාව සහ ප්‍රංශය අතර සමීප සහයෝගීතාවයෙන් අපගේ හවුල් අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ගෙන යා හැකි සහයෝගීතාවයේ උදාහරණයක් බවත් ශ්‍රී ලංකාවේ-ප්‍රංශ තානාපති පැක්ටෙට් මහතා පැවසීය.

සමස්තයක් වශයෙන් ගත්කළ, වර්ධනය වන බලශක්ති ඉල්ලුම සපුරාලීමට සහ ශ්‍රී ලංකාවේ බලශක්ති මිශ්‍රණය විවිධාංගීකරණය කිරීමට ලංවිමට සහාය වීමට AFD යුරෝ මිලියන 80කට ආසන්න මුදලක් කැප කර ඇත.

නිපුනි ලියනගේ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan