*
Saturday, April 20, 2024
spot_img

Latest Posts

නිව් යොර්ක් ටයිම්ස් පුවත්පතට නරක දසාවක්?

ද නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පතේ සේවකයන් 1,000 කට අධික පිරිසක් වෘත්තීය ක්‍රියාමාර්ගයකට සූදානමින්…

එක්සත් ජනපදයේ ඉතා ජනප්‍රිය පුවත් සේවයක් වන ද නිව් යෝර්ක් ටයිම්ස් හි යම් නොසන්සුන්තාවයක් හට ගෙන ඇති බව වාර්තා වේ.

එහි සේවය කරන සේවකයන් 1000 කට අධික පිරිසක් සේවය හැර යන බවට නිකුත් කර ඇති අනතුරු ඇඟවීම මීට හේතුව වී තිබේ.

ද නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත තම සේවකයන් සඳහා පරිපූර්ණ සහ සාධාරණ ගිවිසුමක් සඳහා එළඹෙන දෙසැම්බර් 08 වන දින වන විට එකඟ නොවන්නේ නම්, එහි සේවය කරන 1000 කට අධික පිරිසක් සේවය හැර යන බවට එහි වෘත්තීය සමිතියක් විසින් ප්‍රකාශ කර ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

මේ බව නිල වශයෙන්ම එකී වෘත්තීය සමිතිය දැනුම් දී ඇති අතර, මීට අදාළව ට්විටර් පණිවිඩයක් ද නිකුත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

ද නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පතේ නිව්ස්ගිල්ඩ් (NewsGuild) නම් වෘත්තීය සංගමය විසින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එළඹ ඇත.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එළඹ තිබෙන්නේ එක්සත් ජනපදයේ ඉහළ යන උද්ධමනය හමුවේ, තමාට දීමනා ලබා දීමට කළ ඉල්ල්මී නොසලකා හැරීම, සහ රැකියාවට බැඳෙන විට එළඹි ගිවිසුමේ සඳහන් පරිදි වැඩිදියුණු කළ සෞඛ්‍ය රක්ෂණය සහ විශ්‍රාම දීමනා නිසි පරිදි නොලැබීමයි.

තව ද, දුරස්තව සිට සේවය කිරීම ඇතුළු වෙනත් නම්‍යශීලී පහසුකම් ලබා දෙන ලෙස ද එම ඉල්ලීම් අතර සඳහන්.

මේ බව අදාළ වෘත්තීය සමිති සාමාජිකයන් 1,036 දෙනෙකුගේ අත්සනින් යුතු ලිපියක සඳහන් කර තිබේ.

මීට අදාළව පරිපූර්ණ සහ සාධාරණ ගිවිසුමක් දෙසැම්බර් 08 වන දින වන විට නොලැබෙන්නේ නම්, ආයතනයෙන් පිටව ගොස් පැය 24 ක කාලයක් සේවයේ යෙදීමෙන් වැළකී සිටින බව ඔවුහු පුවත්පතට දන්වති.

මේ පිළිබඳව ද නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පතේ මාධ්‍ය ප්‍රකාශකවරයකු සඳහන් කර සිටියේ නිව්ස් ගිල්ඩ් වෘත්තීය සංගමය වැඩ වර්ජනයක නියැලෙන බවට තර්ජනය කර ඇති බවත්, තත්ත්වය එසේ වූව ද තම පාඨකයන්ට බාධාවකින් තොරව පුවත් සැපයීමේ කාර්යභාරය දිගටම කරගෙන යන බවත් ය.

එමෙන්ම, දැනට තම ආයතනයේ සේවකයන්ට ලබා දී ඇති දීමනාවල සැලකිය යුතු ඉහළ යාමක් දක්නට ඇති බව ද ඔහු සඳහන් කළේය.

මීට ඉහත මාර්තු මාසයේදී, ද නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත, කම්කරු සංවිධානගතවීමට අනීතික අන්දමින් මැදිහත් වූ බවට චෝදනා කරමින් එම පුවත් පතේ සේවය කරන තාක්ෂණික සේවකයන් 600 කට ආසන්න පිරිසක් වෘත්තීය සමිතිගත වීමට එකඟතාවය පළ කර තිබිණි.

ඡායාරූප: REUTERS/Shannon Stapleton

අවුට්බවුන්ඩ් ටුඩේ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan