හන්තානේ ගිය වෛද්‍ය සිසුන්ට සිදු වූ දේ!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): රාගම වෛද්‍ය පීඨයේ සිසුන් 180 දෙනෙකු හන්තාන කඳුවැටියේ චාරිකාවක නිරත වී ඇති අතරතුර ඔවුන් පිරිස හන්තාන කඳුවැටියේ අතරමංව ඇත.

ඒ අනුව ඔවුන් පිරිස, යුද හමුදාව සහ පොලීසිය එක්ව සිදු කළ ගලවා ගැනීමේ මෙහෙයුමකදීයි මේ වනවිට සොයාගෙන ඇත.

අයහපත් කාලගුණය හේතුවෙන් රාගම වෛද්‍ය පීඨයේ වෛද්‍ය සිසුන් 180ක් හන්තාන කඳුවැටියේ අතරමං ව තිබුණු අතර, පිරිමි සිසුන් 60ක් සහ කාන්තා සිසුන් 120ක් සිටින බව වාර්තා විය.

පොලීසිය සහ යුද හමුදාව එක්ව මුදාගැනීමේ මෙහෙයුමක් ආරම්භ කළ නමුත් අයහපත් කාලගුණය හේතුවෙන් අතරමං වූ සිසුන් සමඟ කිසිදු සන්නිවේදනයක් ස්ථාපිත කරගැනීමට නොහැකිව ඇත. පසුව ඔවුන් සම්බන්ධ කර ගැනීමට හැකිව ඇති බව වාර්තා වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මෝදර තට්ටු නිවාස සංකීර්ණයක බදාම කොටසක් කඩා වැටීමෙන් 7 හැවිරිදි දරුවකු මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ, මෝදර, මාදම්පිටිය ප්‍රදේශයේ පිහිටි හෙළමුතු...

විගණකාධිපතිනිය කථානායක ජගත් හමුවේ රහස්‍යතාව පිළිබඳ දිවුරුම ලබාදෙයි

සටහන - රුවන් නෙළුගොල්ල නව විගණකාධිපති ලෙසින් තේරී පත්වූ සමුදිකා...

ක්‍රීඩා අමාත්‍යංශයේ රට යවන ව්‍යාපෘතියක් නැහැ.වංචාකාරයන්ට හසුවන්න එපා!

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: තරුණ කටයුතු සහ ක්‍රීඩා...