*
Friday, May 3, 2024
spot_img

Latest Posts

ජනපති e කොළම.

අශෝක ජයතුංග

වොෂින්ටන් DC LNW :

? ප්ලේන් පුරෝගෙන රනිල් ඩුබායි වන්දනාවේ….??

? රොෂාන්ගෙ  ස්වීප් එක ඇද්දේ සාගල ද…??

? රොෂාන්ගේ කරටි කැඩෙද්දී  සෙසු ඇමතිලා කල දේ…??

? රොෂාන් මැක්ස්වෙල් ට ආවේසවීම….??

? රොෂාන් පාරෙ මැරුණොත් අපි දන්නෑ…..??

? ආශු ගෙන් පාර්ලිමේන්තුවේ කජු කඩයක්….!

? ඇමෙරිකන් මහින්ද FBI  රහස් මෙහෙයුමක…??

? බෝගොල්ලේ ලන්ඩන් සටන අරඔයි….??

ගෙවුනු සතියේ කපටි නරියා නෑවෑ යයි මතයකි. ඒත්  දැවී ගියේ රොෂාන් ය. ෂම්ම් ගේ තවම පෙන්ඩින්ය. ඒත් රනිල් ඉන්නේ පිටිය මැදය. ඒ රනිල්  නොච්චියාගම ගියේ අයවැය යෝජනාවක් කරගසාගෙනය.

“ෂැංග්‍රිලා එකට ඉඩම් දුන්න නම් අපේ ගොවීන්ට ඉඩම් දෙන්න බැරි ඇයි. මේ මාසෙ අග රටේ බංකොලොත්කම ඉවර කරනවා”ඔහු කීවේ ඔල්වරසන් මැදය.

 “ඒත් තව කරන්න හුගක් වැඩ තියෙනවා” කපටි නරියා මිනිසුන්ගේ හදවතට මසාජ් එකක් ද  දුන්නේය.

කොළඔ පැමිණි ඔහු හවස පාර්ලිමේන්තු ගියේ  කැබිනට් හමුවට ය. විශේෂ ලිපියක් ද රැගෙන ගිය ඔහු රබර් ඇහැ දමා පැමිණ සිටි ඇමතිවරු කවුරුදැයි බැලුවේය.සිදුවන දේ කිසිවෙකු දැන සිටියේ නැත. ජනපති රොෂාන් දෙසට හැරුනේය.

“ඔබතුමා විපක්ෂ නායක කාර්යාලයට ගිහින් සජිත් කිරිඇල්ල එක්ක ඉන්දියානු මහකොමසාරිස්ට කතාකලාද. ඉන්දීය ක්‍රිකට් එක හරහා අපේ තහනම ඉවත් කරන ලෙස ICC එකෙන් ඉල්ලුවද” රනිල් ප්‍රශ්න කලවිට රොෂාන් තෘෂ්නිම්භූතව සිදුවන දේ තේරුම්ගත නොහැකිව සිටියේය.

 “මහවැලි ඉඩම් ඥාතීන්ට හිතවතුන්ට දෙන්න කැබිනට් පේපර්ස් දැම්මෙ ඇයි” ඒ දෙවන බවුන්සරය විය. නිසි පිළිතුරක් නැති තැන ජනපති කැබිනට් ලේකම් දෙස බැලුවේය. සංඥාව එනතෙක් සිටි ඔහු ලිපියක් රොෂාන්ට බාරදුන්නේය.

“වහාම ඔබේ සියලු තනතුරු වලින් ඉවත් කරමි” එහි තිබුණේය.

“මම දූෂනයට විරුද්දයි” රොෂාන් කීය.

“මමත් එහෙමයි. ඒත් වැඩ කරන පිළිවෙලක් තියෙනවා” රනිල් කීය.

“මම හරි දේ කලා. මගෙන්  පළිගන්න එපා. දෙකම ගලවලා” යයි කී රොෂාන් පිටවිය.

           එදින උදේ රොෂාන් සාගලට දුන් ප්‍රහාරය මීට හේතුව බව විග්‍රහ වුවද මෙම සිදුවීම එන්නට තිබුණේ සති 2 – 3 කට පෙරය. රනිල් ට සමීප කිහිප දෙනෙකුගේ අදහස් මත වැඩේ මදක් පමා විය.

      “ඒත් අයවැය ඉවර වෙලා වැඩේ කරනවා” රනිල් අඟවා තිබිණ.

     ඇමති මණ්ඩලයට කැදවා කරුණු පහදාදී ඉවත් කළේ මුල් වරටය. ඊට පෙර ඇමතිවරු ඉවත් කළේ කාටත් රහසේ හොර ලියුම් ලියා රටම මරනින්දේ සිටි යක්කු ගස් බඩගාන වෙලාවලය. රොෂාන් වෙනුවෙන් වචනයක් කතා කරන්නට  එක් ඇමතියෙක් සිටියේ නැත. එකට කෑව ද බොක්ක වෙනස් බව ඇමතිලා යළිත් ඔප්පු කළහ.

      ” මේ ඇමතිකම් ඉල්ලලා පොහොට්ටුවේ හා සජබෙ අයගෙ පොරයක්. එනිසා ලොක්කම තියාගනීවි” මුලදී තිබු තීන්දුව සමන් ඒකනායකගෙන් එළියට ආවේ එසේය.

         “හරීන්ටයි පවිත්‍රාට යි එන්න කියන්න” ජනපති  සමන්ට කීවේ ක්ෂණිකවය. ඔවුහු පැමිණ තවත් ඇමති උරචක්‍ර මාල දෙකක් පැළද ගත්තේ ඒ තුළය. එස්. බී.,රාජිත, තලතා ආදීන්ට මේවා ලැබෙතැයි ද රාවයක් ගියේය.

      එළියට ගිය රොෂාන් හිතේ අමාරුව වසාගෙන හතර අතේ වැනුවේය. එතෙක් ආරක්ෂිතව මුහුණදුන් රනිල් ගේ පන්දු වලටද වැරෙන් පහර දුන්නේය.

      “හොරු දිනුවා. ජනපතිවරණෙන් පස්සෙ හරි හොරු එළවනවා.මගේ ජීවිතයට මුකුත් වුණොත් රනිල් හා සාගල ට වගකියන්න වෙනවා” රොෂාන්  ඕස්ට්‍රෙලියාවේ මැක්ස්වෙල්ට ආවේස වී දිගට හරහර නෙලුවේය.

    ඊට පසුදා සුදත් චන්දුසේකර කියා කිබුණේ ඔහු පාරෙ මැරුණොත් අපි දන්නෑ කියාය.

       පසුදා පාර්ලිමේන්තු ආ රනිල් වටා රැස්වූ පිරිස් රොෂාන්ගේ සිද්ධිය ගැනම කතා කළහ.

      “මාව විවේචන කරන්න පුළුවන්. කැබිනට් වගකීම් කඩන්න බෑ. ICC එක්ක කතා කරන්න කැබිනට් අනුකමිටුවක් පත්කරල තියෙද්දි රොෂාන් විපක්ෂය එක්ක එයාලට කතාකල එක හරි නෑ” රනිල් කීය.

    “රොෂාන්  තනියම නෙවෙයි තව කට්ටියක් හෝ රටවල් ඔහු පිටුපස ඉන්නවා. අයවැය විවාදෙ විපක්ෂයේ වැඩක්. ඒත් සජිත්ල ක්‍රිකටුයි වෙන වල්පල් කතා කළේ. අයවැය කතාකරන්න ආපු සජබ අයගෙ කාලෙත් කෑව කියල එයාල සජිත්ට බනිනවා” මහාචාර්ය ආශු මාරසිංහ කීවේය.

     “ජනපති අපේක්ෂකත්වය තියා සජබ පොඩි තනතුරක් රොෂාන්ට දෙන්නත් සජබ අය කකුලෙන් අදිනවලු. කීත් නෙල්සන් දැනටත් සජබෙන් ඈත්වෙලාලු” ආශු තවදුරටත් කීය.

    “සර් මේ ආශු නැදලගමුවෙ කජු කඩයක් පාර්ලිමේන්තුවෙ දාලා. ඒ කජු කාලා මැදමුලනෙ කිරි කෝපි බොන්න ඔින කියල ඇමති චමලුත් කියලා” අයෙක් කීවිට රනිල් කොක්හඩලෑය.

         පොලිස්පති කබාය කෙසේ හෝ ඇදගන්නට ඇමති ටිරාන් හා දේශබන්දු රනිල් වන්දනාවේ ආවේය. එහෙත් රනිල් ට දේශබන්දු දිරෙව්වේ නැත්තේ ඔහු පක්ෂග්‍රාහී හා චෝදනාවට ලක්වූවෙකු බැවිණී.

      “ඔයා පොලිස්පති වුණොත් අවුරුදු 10 ක් ඉන්නවා. ඒක අසාධාරණයි. එනිසා වසර 03 කට සීමා කරන යෝජනා ආවා”දේශබන්දු ගේ මුහුණ කජු ලෙල්ලක් වූයේ එහිදීය.

      අවසානයේ තුන්වැනි වරට බඩගෑ අවස්ථාවේ පත්වීම් ලිපියක් ලැබිණ. එය ද මාස තුනකට වැඩ බැලීමට දුන් එකකි. ඔහුට එය හෝ දෙන්නට සිදුවූයේ ව්‍යවස්ථා සභාවේ හැසිරීම තුළ බවට ද මතවාද පවතී.

    රනිල් පසුදා ප්ලේන් එකක් පුරවාගෙන ඩුබායි වන්දනාවේ ගියේය. නිළධාරීන් තරුණ පරපුර ඇතුළු  40 ක් ඊට අයත් වූහ. ඒත් ඊට රජයේ මුදල් වැය නොවිණ. ඒ අතර සජබ පාඨලී හා මාන්නප්පෙරුම ද විය. දේශගුණය සදහා වූ “කොප් 28” සමුළුවට රනිල් ගියේ ඉබ්බා දියට දාන ගාණටය. මන්ද එය ඔහු වඩාත් ඇලුමි කරන විෂයක් බැවිනි.

      ඇමෙරිකාවේ මහින්ද එරට රහස් ඔත්තු සේවය වූ FBI සමඟ රහස් ගනුදෙනුවකට යාම ගැන පැතිරුණු කතාවකින් වොෂින්ටනයේ ලාංකිකයන් කැළඹින. ඒ ගැන විමසා කෝල් වැස්සක් ආවේය.

      වොෂින්ටන් හා එරට විහාර රැසක් හොරුන්ගේ ග්‍රහණයට ලක්වීම නිසා මහින්ද FBI සමග  රහස් මෙහෙයුමක් දියත් කල අතර විහාර වල ආරක්ෂාව ද ඒ හරහා තහවුරු කෙරිණ.

             ලන්ඩන් ගිය  බෝගොල්ලාගම ද තම වැඩ පෙන්වීම අරඔමින් ආගමික වතාවල යෙදෙමින් බ්‍රිතාන්‍යයේ  ප්‍රබල පිරිස් සමඟ සබඳතා තරකිරීම ඇරඹීය. පොදුරාජ්‍ය මණ්ඩල වෙළෙද හා ආයෝජන සමුළුව ඇමතීම හා ලංකාව හා බ්‍රිතාන්‍ය වානිජ මණ්ඩලය ( SL – UKCC) සමග ලංකාවට අදාළ කටයුතු ඉදිරියට ගෙනයාම ඒ අතර විය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan