*
Wednesday, May 8, 2024
spot_img

Latest Posts

ලෝක ආබාධිත දිනය අදයි. ඔවුන් වෙනුවෙන් මාධ්‍ය හමුවක්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අදට (03) යෙදී ඇති ආබාධ සහිත තැනැත්තන්ගේ ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් පසුගියදා (01) බත්තරමුල්ල වෝටර් එජ් හෝටල් පරිශ්‍රයේදී, ආබාධ සහිත තැනැත්තන් සදහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපති ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් මාධ්‍ය හමුවක් පැවැත්වීය.

එහිදී, ආබාධිත සහිත ප්‍රජාව වෙනුවෙන් ශ්‍රී ලංකාව තුළ මෙතෙක් යුක්තිය ඉෂ්ට වී නොමැති බව සැම දෙනාම පිළිගතයුතු සත්‍යක් බැවින් කිසිදු පක්ෂ පාට භේදයකින් තොරව ඒ සදහා ඉදිරියේදී පෙනී සිටින බව එහිදී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

මෙම මාධ්‍ය හමුව සදහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්, ආබාධිත සංවිධාන ඒකාබද්ධ පෙරමුණේ සාමාජිකයන්, මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා, මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සහ සිවිල් සංවිධාන ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

ආබාධිත සංවිධාන ඒකාබද්ධ පෙරමුණ ඇතුළු පාර්ශ්ව කිහිපයක් සිදුකළ ඉල්ලීමට අනුව පාර්ලිමේන්තුවේ සියලු පක්ෂවල මන්ත්‍රීවරයන් දේශපාලන භේදයකින් තොරව පසුගිය සැප්තැම්බර් මාසයේ මෙම සංසදය පිහිටුවා ගත් බව සදහන් කළ සභාපතිවරයා ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතීන් වෙනුවෙන් පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතදීත් පෙනී සිටින බවට සහතික විය.

සභාපතිවරයා පැවසූවේ, මෙවර අයවැයෙන් බස් රථ 600ක් මිලදී ගැනීම සදහා යෝජනාවක් පවතින බැවින් ඉන් බස්රථ කිහිපයක් හෝ ආබාධ සහිත තැනැත්තන් වෙනුවෙන් මිලදී ගෙන නියමු ව්‍යාපෘතියක් කිරීම සදහා ලබන 4 වැනිදා පාර්ලිමේන්තුවේදී යෝජනා කරන බවත් අලහප්පෙරුම මහතා පැවසීය. මෙම යෝජනාව ගෙන ඒම සම්බන්ධයෙන් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ආයතනයට සිය ස්තූතිය පිරිනමන බවයි.

ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතීන් සදහා වන එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට ශ්‍රී ලංකාව 2006 වසරේ අත්සන් කළද දියුණු රටවලට සාපේක්ෂව අප බොහෝ පසුපසින් සිටින බව මෙහිදී සංසදයේ සභාපතිවරයා පෙන්වා දුන්නේය. මේ අනුව ප්‍රතිපත්ති සම්පාදනයේදී සාමූහිකව පෙනී සිටිමින් ආබාධිත ප්‍රජාව සහ ප්‍රතිපත්ති සම්පාදකයන් අතර සම්බන්ධීකරණය ඇති කිරීම ද සිය සංසදයේ අපේක්ෂාව බව ඩලස් අලහප්පෙරුම මහතා කියා සිටියේය.

එසේම ආබාධ සහිත ප්‍රජාවගේ අවශ්‍යතාවන් විවිධ රාජ්‍ය ආයතන, දෙපාර්තමේන්තු ආදිය සමග බැදී ඇති බැවින් ඒ සියලු ආයතන එකතු කරමින් ඔවුන් වෙනුවෙන් පෙනී සිටිමින් ඔවුන්ගේ හඩ බවට පත්වීම මෙම නව සංසදයේ අරමුණ බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.

මෙහිදී අදහස් දැක්වූ මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් රත්නායක මහතා පවසා සිටියේ මීළග ජාතික මැතිවරණයේදී සෑම ඡන්ද මධ්‍යස්ථානයකටම ද්‍රශ්‍යබාධිත අයවෙනුවෙන් විශේෂ ඡන්ද පත්‍රිකාවක් (Tactile ballot paper) ලබා දීමට පියවර ගන්නා බවයි.

මීට පෙර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 10ක නියමු ව්‍යාපෘතියක් ලෙස එම වැඩසටහන සාර්ථක වූ බවත් ඒ මහතා පැවසීය. එසේම ඡන්ද මධ්‍යස්ථානවල ශ්‍රව්‍යාබාධිත ප්‍රජාවගේ අවශ්‍යතා සහ ආබාධ සහිත ප්‍රජාවගේ ප්‍රවේශය සදහා විශේෂ අවධානය යොමු කරන බවද පැවසීය. තවද ආබාධිත ප්‍රජාවට හැදුනුම්පතක් ලබා දීමටත් පියවර ගන්නා බවත් රත්නායක මහතා පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ ආබාධිත සංවිධාන ඒකාබද්ධ පෙරමුණේ සභාපති රසාංජලී පතිරගේ මහත්මිය පැවසුවේ, මෙරට ජනගහනයෙන් 8.7%ක් එනම් ලක්ෂ 16කට ආසන්න පිරිසක් ආබාධිත ප්‍රජාව බවයි.

ඔවුන්ගේ හඩ වෙනුවෙන් පාර්ලිමේන්තු සංසදයක් පසුගිය සැප්තැම්බර් 6 වැනි දින පිහිටුවන්න ලැබීම විශාල ජයග්‍රහණයක් බව ද ඇය පැවසීය. මෙරට ආබාධ සහිත තැනැත්තන්ට බස්රථ දුම්රිය ඇතුළු පොදු ප්‍රවාහනයේදී මෙන්ම ප්‍රවේශය සදහා බොහෝ පොදු ස්ථානවල මෙරට පහසුකම් නොමැති බැවින් විශාල අසාධාරණයක් සිදුවන බව ද ඇය පෙන්වා දුන්නාය. එසේම ආබාධ සහිත තැනැත්තන් විශාල වශයෙන් අපයෝජනයට ලක්වීම, අධ්‍යාපනයට ඇති බාධාවන් පිළිබදව ද ඇය අවධානය යොමු කළාය.

එබැවින් ආබාධ සහිත තැනැත්තන්ගේ අයීතීන් නෛතිකව බලගැන්වෙන නව පනතක් සැකසීමේ අවශ්‍යතාව අවධාරණය කළ ඇය ආබාධ සහිත තැනැත්තන් සදහා ද ‍දේශපාලනය තුළ නියෝජනයක් ලැබිය යුතු බවද පෙන්වා දුන්නාය. එසේම සංසදයේ සභාපතිවරයා ඉතාම සංවේදී නායකයෙක් ලෙස ආබාධ සහිත ප්‍රජාව වෙනුවෙන් දක්වන දායකත්වය අතිශය අගය කරන බවද පැවසුවාය.

ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතීන් ගරු කරන යහපත් සමාජයක් බිහිකිරීම සදහා මාධ්‍ය සතු වගකීම ද මෙහිදී අවධාරණය කෙරිණි.

එසේම සාමාන්‍ය පෙළ විශිෂ්ට ලෙස සමත් වී කොළඹ ආනන්ද විද්‍යාලයේ උසස්පෙළ ජීව විද්‍යා විෂය හදාරන ද්‍රශ්‍යාබාධිත ශිෂ්‍යයෙක් වන බ්‍රයන් කිංග්ස්ටන් මෙහිදී අදහස් දක්වමින් සිය ප්‍රජාවට අදාළ ගැටලු ඉදිරිපත් කරන ලදී.

මෙම අවස්ථාවට සහභාගී වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් දොලවත්ත මහතා බ්‍රේල් පහසුකම සහිතව සකස් කළ සිය ‍‍තොරතුරු පත (visiting Card) සංසදයේ සභාපතිවරයාට සහ බ්‍රයන් කිංග්ස්ටන් ශිෂ්‍යාට පිළිගැන්වීම ද සිදුවිය.

USAID ආයතනයේ මූල්‍ය අනුග්‍රහයෙන් සහ NDI ආයතනයේ සහයෝගයෙන් මෙම අවස්ථාව සංවිධානය කර තිබුණු බව පැවසේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan