පිලිපීනයට රිච්ටර් මාපක 7.5 ක භූමිකම්පාවක්; සුනාමි අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කෙරේ

Date:

සශිකලා මධුෂාණි

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මේ සම්බන්ධයෙන් එක්සත් ජනපද සුනාමි අනතුරු ඇඟවීමේ පද්ධතිය මුලින් අනතුරු ඇගවීම කලද පසුව ප්‍රකාශකර තිබුණේ, සුනාමි අවදානම පහව ගොස් ඇති බවයි.

දකුණු පිලිපීනයේ මින්ඩනාඕ හි ඇතිවූ රිච්ටර් මාපක 7.5 ක ප්‍රබල භූ කම්පනයෙන් අනතුරුව රටේ සමහර ප්‍රදේශවල සහ නිරිතදිග ජපාන වෙරළ තීරය සඳහා ඉවත් කිරීමේ නියෝග ක්‍රියාත්මක කර තිබේ.

පිලිපීන ගිනිකඳු හා භූ කම්පන විද්‍යා ආයතනය (Phivolcs)ප්‍රකාශ කර තිබුණේ පිලිපීනයේ සමහර ප්‍රදේශ වලට සුනාමි අවදානමක් ඇති බවයි. පසුව මේ සම්බන්ධයෙන් එක්සත් ජනපද සුනාමි අනතුරු ඇඟවීමේ පද්ධතිය මුලින් අනතුරු ඇගවීම කලද පසුව ප්‍රකාශකර තිබුණේ, සුනාමි අවදානම පහව ගොස් ඇති බවයි.

මේ සම්බන්ධයෙන් ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා තිබුණේ, පිලිපීනයේ ඇති වූ ප්‍රබල භූමිකම්පාවකින් පසු ටෝකියෝවට දකුණින් කිලෝමීටර් 290ක් (සැතපුම් 180ක්) පමණ දුරින් පිහිටි ජපානයේ හචිජෝජිමා දූපතේ සෙන්ටිමීටර 40 (අඩි 1.3) ක සුනාමි රළ නිරීක්ෂණය වී ඇති බවත්, සුනාමි රළ ජපානයේ නිරිතදිග වෙරළ තීරයට ළඟා වනු ඇතැයි අපේක්ෂා කරන බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...