ඉන්දියාවේ පළාත් සභා මැතිවරණයේ ප්‍රාන්ත 4න් 3ක ජය මොදිට

Date:

ඉන්දියාවේ ප්‍රාන්ත 5ක පැවති පළාත් සභා මැතිවරණයෙන් ජන්ද ගණන් කිරීම අවසන් වූ ප්‍රාන්ත 4න් 3ක ජය ඉන්දියාවේ පාලක දක්ෂිනාංශික භාරතීය ජනතා පක්ෂය (BJP) ලබා ඇති බව වාර්තා වේ.

රාජස්ථාන්, මධ්‍ය ප්‍රදේශ්, චත්තිස්ගාර්, දකුණු දිග තෙලන්ගානා ප්‍රාන්තය යන හදවත්බිම් ප්‍රාන්ත වල ජය මොදී ප්‍රමුඛ පක්ෂයට හිමිව ඇති අතර (BJP) නියෝජනය කරමින් එම ප්‍රන්තවලින් මන්ත්‍රීවරුන් 62 දෙනෙකු පාර්ලිමේන්තුවට තේරී පත්වනු ඇත.

මිසෝරාම් ප්‍රාන්තයේ ජන්ද ගණන් කිරීම සඳුදා(04) අපේක්ෂා කරන අතර ප්‍රාන්ත පහේ මැතිවරණ ප්‍රතිඵල මගින් ජාතික වශයෙන් දශකයක් බලයේ සිටියද භාරතීය ජනතා පක්ෂය සහ ජාත්‍යන්තර වශයෙන් වර්ධනය වන මෝඩිගේ අඛණ්ඩ ජනප්‍රියත්වය පෙන්නුම් කරන අතර මෙම ප්‍රතිඵල හරහා මෝදී අඛණ්ඩව තෙවැනි වාරයක් බලා සිටින එළඹෙන මැයි මාසයේ පැවැත්වෙන ජාතික මැතිවරණයට පෙර ඡන්දදායක මනෝභාවය පෙන්නුම් කරනු බවයි විශ්ලේෂකයන් සඳහන් කර ඇත්තේ,

මෙම මැතිවරණය පැමිණෙන්නේ ඉන්දියාව බහුවිධ අභියෝගවලට මුහුණ දෙන මොහොතක ය. එනම්,ඉහළ යන විරැකියාව, හින්දු ජාතිකවාදීන් විසින් රටේ සුළු ජාතීන්ට හිරිහැර කිරීම, විශේෂයෙන් මුස්ලිම්වරුන්ට එරෙහිව වෛරී ප්‍රකාශ සහ නිදහස් මාධ්‍ය වාරණ දිගින් දිගටම පැනවෙන අවකාශයකය.

ඉන්දියාවේ ප්‍රධාන විරුද්ධ පක්ෂය වන ඉන්දීය ජාතික කොංග්‍රසය චත්තිස්ගාර්හි බලය දරන අතර පක්ෂ 28ක නව සන්ධානයක් ජාතික වශයෙන් භාරතීය ජනතා පක්ෂයට අභියෝග කිරීමට සූදානම් වේ.

ප්‍රචාරක කටයුතු අතරතුර, මෝදී මෙන්ම කොංග්‍රස් නායක රාහුල් ගාන්ධි ද ප්‍රාන්ත පහ හරහා යමින් තම පක්ෂයේ අපේක්ෂකයින්ට සහය දක්වන ලද අතර නායකයන් දෙදෙනාම ඡන්දදායකයින්ට සහනාධාර, ණය සහන සහ රැකියා සහතික ලබා දෙන බවට පොරොන්දු වී ඇත.

සශිකලා මධුෂාණි – outboundtoday

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිලේ වෙනසක්!

කොළඹ LNW:මාසික ඉන්ධන මිල සංශෝධනය අනුව නවතම ඉන්ධන මිල...

ශ්‍රී ලංකාවේ වන ජීවී නීතියට නව යුගයක් උදා කළ අලි ජාවාරම් තීන්දුව

ඕවින්දි විෂ්මිකාඔක්තෝබර් 31, කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ වනජීවී ආරක්ෂාව...

දුර්ලභ වක්‍රාකාරයේ දේදුන්නක් 2025 වසරේ කාලගුණ ඡායාරූප ශිල්පියා තරඟයෙන් ජයග්‍රහණය කරයි!

සටහන – පුලී ඔක්තෝම්බර් 31, කොළඹ (LNW): රාජකීය කාලගුණ විද්‍යා...

න්‍යෂ්ටික අත්හදා බැලීම් නැවත ආරම්භ කිරීමට ට්‍රම්ප් කළ ඉල්ලීම ඉරානය හෙළා දකී

සටහන: සශිකලා මධුෂාණි ඔක්තෝබර් 31: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද...