ජාතික රෝහලේ අවසන් විකිරණ යන්ත්‍රය බිඳ වැටේ!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ අවසන් වශයෙන් ක්‍රියාත්මකව තිබූ විකිරණ යන්ත්‍රය බිඳ වැටී ඇති බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසයි.

හදිසි අනතුරුවලට ලක්ව මෙම ඒකකයෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණෙන රෝගීන්ගේ සියලු විකිරණ පරීක්ෂණ සිදු කෙරෙන්නේ එම අංශයේ තිබුණු විකිරණ යන්ත්‍ර දෙක භාවිතයෙන් බව, එහි සභාපති චානක ධර්මවික්‍රම මහතා පැවසීය.

ඔහු තව දුරටත් පැවසුවේ, යන්ත්‍ර බිඳවැටීම සම්බන්ධව අදාළ සියලු පාර්ශ්ව දැනුවත් කළ ද බිඳවැටීම යථාවත් කිරීම සිදු කර නොමැති බවයි .

කෙසේ වෙතත් මේ වන විට හදිසි අනතුරුවලට භාජනය වන රෝගීන්ගේ විකිරණ පරීක්ෂණ සිදු කිරීම රෝහලේ තිබෙන වෙනත් ඒකකයක් වෙත රැගෙන ගොස් ඉටුකිරීමට සිදුව ඇති අතර, ඒ හේතුවෙන් රෝගීන් සහ සහ කාර්ය මණ්ඩලය ඉතා දැඩි අපහසුතාවයකට ලක්ව ඇති බව වාර්තා වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැල්ලවාය මහෙස්ත්‍රාත්ගේ වැඩ තහනම් කරන්නැයි නියෝගයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : පොලිස්පතිවරයාගේ පැමිණිල්ලක් අනුව...

මහින්දගේ ආරක්ෂක නෙවිල් ඇප මත නිදහස්!

කොළඹ LNW:හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක නෙවිල් වන්නිආරච්චි...

කර්මාන්ත අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් රූපලාවණ්‍ය නිෂ්පාදන පරීක්ෂණ රසායනාගාරයක්!

කොළඹ LNW:කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය, අපනයන සංවර්ධන මණ්ඩලය...