ජාතික රෝහලේ අවසන් විකිරණ යන්ත්‍රය බිඳ වැටේ!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ අවසන් වශයෙන් ක්‍රියාත්මකව තිබූ විකිරණ යන්ත්‍රය බිඳ වැටී ඇති බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසයි.

හදිසි අනතුරුවලට ලක්ව මෙම ඒකකයෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණෙන රෝගීන්ගේ සියලු විකිරණ පරීක්ෂණ සිදු කෙරෙන්නේ එම අංශයේ තිබුණු විකිරණ යන්ත්‍ර දෙක භාවිතයෙන් බව, එහි සභාපති චානක ධර්මවික්‍රම මහතා පැවසීය.

ඔහු තව දුරටත් පැවසුවේ, යන්ත්‍ර බිඳවැටීම සම්බන්ධව අදාළ සියලු පාර්ශ්ව දැනුවත් කළ ද බිඳවැටීම යථාවත් කිරීම සිදු කර නොමැති බවයි .

කෙසේ වෙතත් මේ වන විට හදිසි අනතුරුවලට භාජනය වන රෝගීන්ගේ විකිරණ පරීක්ෂණ සිදු කිරීම රෝහලේ තිබෙන වෙනත් ඒකකයක් වෙත රැගෙන ගොස් ඉටුකිරීමට සිදුව ඇති අතර, ඒ හේතුවෙන් රෝගීන් සහ සහ කාර්ය මණ්ඩලය ඉතා දැඩි අපහසුතාවයකට ලක්ව ඇති බව වාර්තා වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුඩානයේ යුද්ධයෙන් පලා යන සිවිල් වැසියන් 24 දෙනෙකු RSF ඩ්‍රෝන ප්‍රහාරයකින් මිය යයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුඩානයේ රැපිඩ් සපෝට්...

රාත්‍රිය වී ඔබයි එන්නේ ඒ නිසයි මම හුස්ම ගන්නේ ….

මඟුල් දා සාරියෙන් ගිලිහුණපුංචි සුදු පැහැ පබළුවක් ළඟඅඩ දණින්...

ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ නීතිමය රාමුව:ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීම දක්වා!

https://open.spotify.com/episode/4vn7HbqMbUcmcsfv2wTYPG?si=jLxWMLqeSPiUkBZfhHnBeQ ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:යුධමය තත්ත්වයකින් හා සන්නද්ධ අරගලයන්ගෙන් සමන්විත වූ...

TikTok යෙදුමට බාලවයස්කරුවන් ඇබ්බැහි වන සුළුයි: යුරෝපා සංගමය

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපා සංගමය විසින්...