ජාතික ක්‍රීඩාවේ සුපිරිතමයන් අතර ගැටුම්

Date:

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW): ලංකාවේ සුපිරිම පිරිමි සහ කාන්තා වොලිබෝල් කණ්ඩායම් තරග වඳින මංචි සුලර් ලීග් ජාතික වොලිබෝල් සූරතාවලිය දෙසැම්බර් 7 වන දා ආරම්භ වීමට නියමිතය.

එම තරගාවලියේ සූරයන් සහ සූරියන් තීරණය කරන අවසාන තරග පවත්වන්නේ දෙසැම්බර් 10 වන දින මහරගම ජාතික තරුණ සේවා සභා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ය.කලෙක ශ්‍රී ලංකාවට අති දක්ෂ වොලිබෝල් ක්‍රීඩකයින් සහ ක්‍රීඩිකාවන් දායාද කරන පැල තවානක් බඳු වූ තරුණ සේවා සභාවෙන් මෑත කාලයේ සිට යම් ආකාරයකින් ජාතික ක්‍රීඩාව සම්බන්ධ වගකීම දුරස් වී තිබෙන අතර යළික් ඒ වසන්තය උදාවන බවට ඉඟි බිඟි පළවන මොහොතක ජාතියේ අභිමානයට පාත්‍ර වන ජාතික ක්‍රීඩාවේ සූරයන් සූරියන් අභිෂේක ගැන්වීම ජාතික තරුණ සේවා සභාවේදී පැවත්වීම ඒ ජාතික තරුණ සේවා සභාව තුළ අලුතින් හුස්ම ගන්න හදන වොලිබෝලයට ආශිර්වාදයක් වැනිය.

පිරිමි අංශය නියෝජනය කරමින් ත්‍රිවිධ හමුදා කණ්ඩායම් තුනත්,පොලිසියත්,ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය වැනි රාජ්‍ය ආයතන සමඟ සටනය පිවිසෙන පෞද්ගලික අංශයේ දායකත්වය පෙන්වන කණ්ඩායම් දෙකකි.ඒ, බෙස්ට් පැසිපික් ස්පෝර්ට්ස් ක්ලබ් සහ ඕෂන් ලංකා ස්පෝර්ට්ස් ක්ලබ් යන කණ්ඩායම් දෙකයි.කාන්තා අංශයෙන්ද ත්‍රිවිධ හමුදා කණ්ඩායම් තුනම විිශිෂ්ඨ කණ්ඩායම් ලෙස මෙම සුපිරි තරගාවලයට එක් වේ.එහිදී පෞද්ගලික අංශයේ දායකත්වය සහ දක්ෂතාවය රාජ්‍ය අංශයේ දායකත්වයට වඩා ඉහළින් තිබීම වැදගත්ය.පෞද්ගලික අංශයේ කැෂුවල්ලයින්,හයිඩ්‍රාමනී,ඔමේගා සහ මැලිබන් ක්‍රීඩා සමාජ තරගයට එකතු වන අතර කාන්තා අංශයේ වැඩි තරගකාරී ලෙස පෞදගලික අංශය ලබා දී දී තිබෙන දායකත්වය පැසසුම් සහගතය.පහතින් දැක්වෙන්නේ තරගාවලියේ තරග කාලසටහනය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...