ලා නිනා ආචරණයේ බලපෑම මත, ජම්මු හා කාශ්මීරයේ කාලගුණ තත්ත්වයන්හි විශාල වෙනසක්!

0
494

රෂිකා හෙන්නායක දෙසැම්බර් 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

මධ්‍යම හා නැගෙනහිර පැසිෆික් කලාපය හරහා සිදුවන ලා නිනා ආචරණයේ බලපෑම මත, ජම්මු හා කාශ්මීරයේ කාලගුණ තත්ත්වයන්හි විශාල වෙනසක් සිදුවෙමින් පවතින අතර ඉතා දරුණු ශීත සෘතුවක් අපේක්ෂා කරන බව ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ හරහා ඉන්දියාවට දැඩි ශීත කාලගුණයක් මෙන්ම ගෝලීය දේශගුණික විපර්යාසයන් ද ඇති විය හැකි බවට කාලගුණ අංශ අනාවැකි පළ කරන අතර,දෙසැම්බර් 21 වන දින සිට දින 40ක කාලයක් මෙලෙස අධික ශීත කාලගුණයෙන් බලපෑම් එල්ල විය හැකි බවයි ඔවුන් තවදුරටත් පෙන්වා දෙයි.